අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ත්‍රිපිටකය ලෝක මතක ලේඛනයට ඇතුළත් කිරීමට කටයුතු කරයි

    නොවැම්බර් 09, 2019

    ජාතික උරුමයක්ව පවතින ථෙරවාදී පාලි ත්‍රිපිටක පුස්කොළ පොත් සමූහය යුනෙස්කෝ මතක ලේඛනයට ඇතුළත් කිරීම පිළිබඳව ඊයේ(08) මාධ්‍ය සාකච්ඡාවක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

    1992 දී යුනෙස්කෝ සංවිධානය විසින් ඉදිරිපත් කළ ලේඛනගත උරුමය ආරක්ෂා කරගැනීමේ ප්‍රඥප්තියේ විධිවිධානවලට අනුව, වත්මන් ජනාධිපතිතුමා විසින් ත්‍රිපිටකය සංරක්ෂණය කිරීම සඳහා නිකාය භේදයකින් තොරව විද්වත් ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලයක් පත්කොට ඇති බවත්, ඉන් ආදී කාලයේ සිට පැවත එන ත්‍රිපිටකයේ පද බෙදීම්, අර්ථ, නිවැරදිව ඉදිරියටත් සංරක්ෂණය කිරීම සඳහා මෙම සංරක්ෂණ මණ්ඩලය මඟින් කටයුතු කරන බවටත්, පූජ්‍ය මකුලැවේ සුදස්සන නායක හිම්පාණෝ මෙම මාධ්‍ය හමුවේ දී පැවසූහ.

    ඒ අනුව, ලොව රවල් 167 ක ලෝක උරුම 1121 ක් යුනෙස්කෝව විසින් ලෝක උරුම ලෙස නම් කර ඇති අතර ඒවා විවිධ සිද්ධස්ථාන එතිහාසික ස්මාරක වැනි දෑ වන නමුත්, ත්‍රිපිටකය ධර්මයක් වන බැවින් ධර්මය වැනි අස්පර්ශිත වන නිසා එවැනි දෙයක් ලෝක උරුමයක් ලෙස නම් කිරීමේ දී විවිධ බාධා මතු ව ඇති බවත් මෙහිදී කියැවිණි. එමෙන්ම ත්‍රිපිටකය මෙය ලෝක උරුමයක් ලෙස සැමට පරිශීලනය කළ හැකි වටපිටාවක් නිර්මාණය කිරීමේ වැදගත්කම ද මෙහි දී සඳහන් කරන ලදී.

    අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, පුජ්‍ය අක්මීමන ධම්මපාල නායක හිමියන්, වැඩබලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් පී.බී. මණ්ඩාවල, මහාචාර්ය චන්දිම විජයබණ්ඩාර, බෞද්ධ කටයුතු කොමසාරිස් සුනන්ද කාරියවසම් යන විද්වත් මණ්ඩලයක් මෙම මාධ්‍ය හමුව සඳහා සහභාගී වුහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya