අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වලංගු හැඳුනුම්පතක් ඉදිරිපත් නොකරන කිසිඳු අයෙකුට තැපෑලෙන් ඡන්දය දීමේ අවස්ථාව හිමි නොවේ - මැතිවරණ කොමිෂන් සභාව

    ඔක්තෝබර් 22, 2019

    තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පිළිගන්නා වූ හැඳුනුම්පතක් ඉදිරිපත් කර අනන්‍යතාවය තහවුරු කිරීම අනිවාර්ය අවශ්‍යතාවයක් බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    නිකුත් කර ඇති නිවේදනයේ මෙසේ ද සඳහන් වෙයි.

    ජාතික හැඳුනුම්පත, වලංගු රියදුරු බලපත්‍රය, වලංගු ගමන් බලපත්‍රය, මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත්කරන ලද තාවකාලික හැඳුනුම්පත යන පිළිගන්නා වූ හැඳුනුම්පතක් සියලුම තැපැල් ඡන්ද දායකයින් විසින් භාවිතා කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාපති මහින්ද දේශප්‍රිය මහතා නිවේදනය කර සිටියි.

    ඒ අනුව, ඉහත සඳහන් කිසිඳු හැඳුනුම්පතක් හෝ ජාතික හැඳුනුම්පත් අංකය සඳහන් වන රාජකාරි හැඳුනුම්පත හෝ නොමැති කිසිවෙකුට තම අනන්‍යතාවය සනාථ කළ නොහැකි බැවින් තැපෑලෙන් ඡන්ද ප්‍රකාශ කිරීමේ දී වුව ද ඡන්දදායකයෙකු ලෙස සලකා කටයුතු නොකළ යුතු බවත්, රාජකාරි හැඳුනුම්පත තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පිළිගනු ලැබුව ද පසුගිය ඡන්ද විමසීම් වලින් පසුව ඒ සම්බන්ධයෙන් අනාවරණය වූ කරුණු සැළකිල්ලට ගෙන මෙම ඡන්ද විමසීමේ දී තැපැල් ඡන්දදායකයෙකු රාජකාරි හැඳුනුම්පත ඉදිරිපත් කරන්නේ නම් එම තැපැල් ඡන්දදායකයා හඳුනාගැනීම හෙවත් අනන්‍යතාවය පරික්ෂා කිරීම, සහතික කිරීමේ නිළධාරී කාර්යයාල වල කටයුතු අධීක්ෂණයට තේරීම්භාර නිළධාරීන් විසින් පත්කොට ඇති නිළධරයා විසින් සිදු කළ යුතු වන බවත්, එසේ නොවන අවස්ථාවල රාජකාරි හැඳුනුම්පතට තැපැල් ඡන්ද පත්‍රිකාව සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබා නොදිය යුතු බවත්, තැපැල් ඡන්ද නිරීක්ෂණ කටයුතු සඳහා යොදවන සහකාර තේරීම්භාර නිළධාරීන්/ වෙනත් නිළධාරීන් මඟින් තැපැල් ඡන්ද කටයුතු ආරම්භ කිරීමට පෙර සහතික කිරීමේ නිළධාරීන් දැනුවත් කිරීමට පියවර ගත යුතු බවත් නිවේදනයෙන් කියැවෙයි.

    nivedanayaaID

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya