අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජයේ වාහන ජනාධිපති අපේක්ෂකයින් ප්‍රවර්ධනය කිරීමේ දේශපාලන කටයුතුවලට යොදා නොගන්න

    ඔක්තෝබර් 22, 2019

    මැති ඇමැතිවරුන් වෙත ලබා දී ඇති රජයේ වාහන ජනාධිපති අපේක්ෂකයින් ප්‍රවර්ධනය කිරීමේ දේශපාලන කටයුතුවලට යොදා නොගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

    එලෙස වහන යොදාගන්නා බවට පැමිණිලි ලැබී ඇතැයි ද එවැනි ක්‍රියා වලින් වළකින ලෙස ද සභාපතිවරයා ඉල්ලීමක් කරයි.

     ආගමික ස්ථානවල ඡනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කිරීම සම්පූර්ණයෙන් තහනම් බවත් එවැනි  නීතිවිරෝධි ක්‍රියා සිදු කිරීමට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බවත් කී සභාපතිවරයා, එවැනි  අපේක්ෂකයන් ජයග්‍රහනය කළත් එය අවලංගු කිරීමට සිදුවන බවත් පෙන්වා දුන්නේ ය.

    ජනාධිපතිවරණය 2019 ට අදාළව තරඟ කරන පක්ෂවල අපේක්ෂකයන්,ඡන්ද නියෝජිතයන්,පක්ෂ ලේකම්වරු හා  නීති නිලධාරීන් සමඟ විශේෂ සාකච්ඡවක් අද (22) මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ දී පැවැති අතර එහිදී  සභාපතිවරයා මෙම ඉල්ලීම කර තිබේ.

    මෙහිදී ජනාධිපතිවරණයට අදාළ වැඳගත් කරුණු ගණනාවක් සාකච්ඡාවට ගැණුනු අතර පක්ෂ නියෝජිතයන්  විසින් ගැටළු, යෝජනා අඳහස් ඉදිරිපත් කිරීම සිදු කළේ ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya