මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාවික හමුදාව වක්වැල්ල සහ  අගලිය පාලම් යට සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කරයි

    ඔක්තෝබර් 20, 2019

    ගාල්ලවක්වැල්ල පාලම සහ අගලිය පාලම් තුල සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත්කිරීමේ මෙයෙහුමක් නාවික හමුදාව 17 වන දින ක්‍රියාත්මක කරන ලදී.

    ඒ අනුව, ගිං ගඟ හරහා වැටී ඇති වක්වැල්ල පාලම සහ අගලිය පාලම යට අපද්‍රව්‍ය විශාල වශයෙන් සිර වී ගඟ දෙපස නිවාසවල ජිවත්වන ජනතාව ඉදිරියේදී ගං වතුර අවදානමකට ලක්ව සිටි අතර, ඊට පිළියමක් වශයෙන් ආපදාවට පෙර එම අපද්‍රව්‍ය කඩිනමින්ඉවත්කර ජලය බාධාවකින් තොරව ගලා යාමට සැලැස්වීම සඳහා නාවික හමුදාව කටයුතු කරන ලදී.

    මෙම ක්‍රියාන්විතය සඳහා දකුණු නාවික විධානයට අයත් නාවික හමුදා කිමිදුම් සහ ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේමුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකයට අයත් කණ්ඩායම් අනුයුක්ත කරන ලද අතර, ඔවුන් විසින් එම අපද්‍රව්‍ය ඉවත් කර ජලය බාධාවකින් තොරව බැස යන පරිදියථාතත්වයට පත් කිරීමට මෙහිදී කටයුතු කරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya