අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර දිස්ත්‍රික්කයට රුපියල් මිලියන 35කින් ප්‍රජා ජල ව්‍යාපෘති තුනක්

    ඔක්තෝබර් 15, 2019

    රුපියල් මිලියන 35ක් වැය කරමින් මහනුවර දිස්ත්‍රික්කයේ ඉදිකිරීමට යෝජිත වෙදහැට, ආඩියාතැන්න සහ වල්ගම්පාය යන ප්‍රජා ජල ව්‍යාපෘති කඩිනමින් අවසන් කර මාස 06ක් තුළ ජනතා අයිතියට පත් කරන බව එහි සමාරම්භක උත්සවයට සහභාගී වෙමින් අමාත්‍ය රවුෆ් හකීම් මහතා පැවසුවේය.

    මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතා මහනුවර උතුර පාතදුම්බර ව්‍යාපෘතිය අපි මේ වනවිට ආරම්භ කර තිබෙනවා. ඒවගේ ම මෙම ප්‍රජා ජල ව්‍යාපෘතීන් සඳහා එම ප්‍රධාන ව්‍යාපෘතියෙන් රුපියල් මිලියන 35ක් යොදා ගනිමින් ප්‍රදේශවාසීන්ගේ ද සහයෝගය ඇතිව ක්‍රියාවට නංවනවා.

    මෙම ප්‍රදේශයට ඇති පානීය ගැටලුව පිළිබඳ මට මීට වසර දෙකකට පමණ පෙරදැනගන්නට ලැබුණේ මා විසින් සංවිධානය කළ ජංගම සේවයක් ක්‍රියාත්මක කළ අවස්ථාවක යි. ජාතික ප්‍රජා ජල දෙපාර්තමේන්තුවට අවුරුද්දකට ම ලැබෙන්නේ මිලියන 200ක් පමණ යි.
    එම නිසා අවශ්‍ය මුදල් සොයා ගැනීමේ ගැටලුවක් පැන නැඟී තිබුණා. ඒ අනුව තමයි අපි තීරණය කළේ කෙසේ හෝ මහනුවර උතුර පාතදුම්බර ව්‍යාපෘතියෙන් මුදල් ඉතිරි කරගෙන මෙම ව්‍යාපෘතිය ඉදිකර දෙන්නට. අපේ උත්සාහය සාර්ථක කරමින් අද ඇරඹෙන මෙම ව්‍යාපෘතීන් මාස 06ක් තුළ නිම කරවා දීමට කටයුතු කරනවා. යනුවෙන් ද පැවසී ය.

    මෙම අවස්ථාව සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ මහීලාල් ද සිල්වා මහතා, මධ්‍යම පළාත් භාර නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මීගොඩ, මහනුවර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ අධ්‍යක්ෂක එම්.එස්. මැදවත්ත, ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ චින්තක, යන මහත්වරු ඇතුළු ප්‍රදේශවාසීන් විශාල පිරිසක් ද සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya