අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''එක්ස්පෝ 2020 ඩුබායි '' හි ශ්‍රී ලංකාවේ සන්නාම තානාපතිවරු ලෙස මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර පත්කෙරේ

    ඔක්තෝබර් 15, 2019

    ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් රාජ්‍ය පෞද්ගලික සහයෝගීතා ව්‍යාපෘතියක් ලෙස සංවිධානය කරන ලද එක්ස්පෝ 2020 ඩුබායි සඳහා ශ්‍රී ලංකාවේ සන්නාම තානාපතිවරුන් ලෙස මහලේ ජයවර්ධන සහ කුමාර් සංගක්කාර යන මහත්වරුන් පත්කර තිබේ.

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරූ කැපී පෙනෙන ක්‍රිකට් ක්‍රීඩකයින් වන ජයවර්ධන සහ කුමාර් සංගක්කාර දෙදෙනාම ක්‍රිකට් ක්‍ෂේත්‍රයෙන් ඔබ්බට තම නායකත්වය, කණ්ඩායම් හැඟීම සහ ව්‍යවසායකත්ව ගුණාංග මැනවින් විදහා දක්වා ඇත.කුමාර් සංගක්කාර මෑතකදී ක්‍රිකට් නීතියේ භාරකරු වන මේල්බෝන් ක්‍රිකට් සමාජයේ (එම්.සී.සී.) පළමු බ්‍රිතාන්‍ය නොවන සභාපතිවරයා වීමේ දුර්ලභ අවස්තාව ලබා ගත්තේය. එසේම මහේල ජයවර්ධන සුප්‍රසිද්ධ ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයිපීඑල්) තරඟාවලියේ ශූරතා දෙකක් සඳහා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට මඟ පෙන්වමින් සාර්ථක ක්‍රිකට් පුහුණුකරුවෙකු බවට පත්ව ඇත. මෙම දුර්ලභ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රීඩා ක්ෂේත්‍රයෙ ප්‍රතිරූපය ජාත්‍යන්තරය තුළ ගොඩ නැගීම වෙනුවෙන් යොදා ගත හැකිය.


    එක්ස්පෝ 2020 ඩුබායි යනු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන “මනස සම්බන්ධ කරමින් අනාගතය නිර්මාණය කිරීම” යන තේමාව යටතේ පැවැත්වෙන විශාලම ප්‍රදර්ශනයයි. එමඟින් රටවල් 190 කට අධික සංඛ්‍යාවක සහභාගීත්වය සහ ලොව පුරා මිලියන 25 කට අධික වෙළඳ දූත පිරිස් හි පැමිණීම බලාපොරොත්තු වේ.

    තිරසාර අනාගතයක් ජනනය කිරීම සඳහා සහයෝගයෙන් හා නව්‍යකරණයෙන් එක්ස්පෝ ඩුබායි 2020 ඔක්තෝබර් 20 සිට 2021 අප්‍රේල් 10 දක්වා දින 173 ක් පුරා පැවැත් වේ.
    එක්ස්පෝ 2020 ඩුබායි හි ශ්‍රී ලංකාවේ වෙළඳ සහ අනෙකුත් ආශ්‍රිත ක්‍රියාකාරකම් රාජ්‍ය-පෞද්ගලික සහයෝගීතා ව්‍යාපෘතියක් ලෙස සංවිධානය කරනු ලබන්නේ ‘ජලය’ තේමාව යටතේ වන අතර එය මොරටුව විශ්ව විද්‍යාලයේ සිසුන් විසින් නිර්මාණය කර ඇත.
    “ශ්‍රී ලංකා ක්‍රිකට්” තුළින් දැනටමත් ලබා ඇති ගෝලීය පිළිගැනීම තුලින් එක්ස්පෝ 2020 ඩුබායි සඳහා ශ්‍රී ලංකාවේ සහභාගීත්වය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සහ ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමට මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර විසින් අනුමත කර තිබේ.

    ඩුබායි හි පැවැත්වෙන එක්ස්පෝ 2020 ප්‍රදර්ශනයේදී ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය සහ පෞද්ගලික පාර්ශවකරුවන්ට සහාය වීම පිළිබඳව ශ්‍රී ලංකාවේ ලෝක මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනා වන මහේලා ජයවර්ධන සහ කුමාර් සංගක්කාර මහත්වරුන්ට අපි අතිශයින් කෘතඥ වන බව මෙම අවස්තාවට එක්වෙමින් මලික් සමරවික‍්‍රම මහතා පැවසීය.

     
    කුමාර් සංගක්කාර මහතා මෙම අවස්තාවේදී සදහන් කළේ, “මෙම අවස්ථාවට ශ්‍රී ලංකාව සහභාගී වීම ගැන මම සතුටට පත්වෙනවා. එය අපේ රටට ලෝකයට ලබා දිය හැකි හොඳම දේ විදහා දක්වන ප්‍ර‍ර්ශන මණ්ඩපයක් වේවි. ශ්‍රී ලංකාව එහි තේමාව ලෙස “ජලය” තෝරාගෙන ඇත්තේ ජීවිතයට මෙන්ම අපේ ආර්ථිකයට ද ඇති වැදගත්කම හේතුවෙනි. අප දූපත් රාජ්‍යයක් වන අතර එම නිසා ජලයෙන් වටවී ඇති අතර එහි ගංගාවලින් ද ප්‍රයෝජන ලබා ඇති අතර අපගේ අතීත සාරය වශයෙන් වාරිමාර්ග මගින් රටට ධනය ගෙන එන ශිෂ්ටාචාරයක් පැවති අතර අනාගතයේ දී එය සංවර්ධනය සඳහා අපගේ කැපවීම මෙමගින් පිළිබිඹු කරයි. ශ්‍රී ලංකා මණ්ඩපයට පැමිණෙන අමුත්තන් දිවයිනේ සුන්දරත්වය, එහි සංස්කෘතියේ පොහොසත්කම මෙන්ම සංචාරක, වෙළඳාම සහ ආයෝජන වැනි
    ක්ෂේත්‍රවල අවස්ථා ද නිරීක්ෂණය කරනු ඇති බව ඔහු සඳහන් කළේය.


    වෙළඳ, සංචාරකයින් සහ විදේශීය සෘජු ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා රට පිළිබඳව සැලකිය යුතු දැනුමක් ඇති කිරීම සඳහා එක්ස්පෝ 2020 ඩුබායි ශ්‍රී ලංකාවට විශාල අවස්ථාවන් විවර කරන බව මහේල ජයවර්ධන සිය අදහස් දැක්වූ අතර තවවුරටත් සදහන් කළේ ශ්‍රී ලංකාව යනු දූපත් රටක් වන අතර එය ප්‍රමාණයෙන් ඔබ්බට විහිදෙන අතර උපායමාර්ගික පිහිටීම, සුන්දරත්වය සහ උසස් ජීවන තත්වයක් සඳහා ප්‍රසිද්ධය. අප දැන් ස්ථාවර හා වර්ධනය භුක්ති විඳින ඉහළ මධ්‍යම ආදායම් ලබන රටකි. රටේ ව්‍යාපාරික වාතාවරණය, එහි යටිතල පහසුකම් සහ සැපයුම්වල ඉහළ ප්‍රමිතිය, ශ්‍රී ලාංකිකයින්ට ලබා දිය හැකි දැනුම සහ නැගී එන කර්මාන්ත , බුද්ධිමත් ශ්‍රම බලකාය ආදී සියල්ල අත්විඳීමට අපේ ශ්‍රී ලාංකික මණ්ඩපයට පිවිසෙන ලෙස මම ජාත්‍යන්තර නියෝජිතයින්ට ආරාධනා කිරීමට කැමැත්තෙමි.


    සන්නාම තානාපතිවරුන් ලෙස මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර වැනි ජාත්‍යන්තර මට්ටමේ ජනප්‍රිය ශ්‍රී ලාංකිකයින් පත්කිරීම තුලින් එක්ස්පෝ 2020 ඩුබායි සඳහා ශ්‍රී ලංකාවේ සහභාගීත්වය කෙරෙහි උනන්දුවක් ජනනය කරනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya