අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඕස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදා ජාත්‍යන්තර සම්මන්ත්‍රණයට සහ සමුළුවට සහභාගී වූ නාවික හමුදාධිපති දිවයිනට

    ඔක්තෝබර් 15, 2019

    ඕස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදාව විසින් වාර්ෂිකව සංවිධානය කරන ලද Sea Power 2019 - ජාත්‍යන්තර සම්මන්ත්‍රණයට සහ නීති විරෝධී සංක්‍රමණය පිළිබඳ ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියානු හයවන ඒකාබද්ධ ක්‍රියාකාරි වැඩමුළුව සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා සහභාගී විය.

    Sea Power 2019 - ජාත්‍යන්තර සම්මන්ත්‍රණය 2019 ඔක්තෝබර් මස 08 වන දින සිට 10 වන දින දක්වා ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ජාත්‍යන්තර සම්මේලන මධ්‍යස්ථානයේදී සහ නීති විරෝධී සංක්‍රමණය පිළිබඳ ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියානු හයවන ඒකාබද්ධ ක්‍රියාකාරි වැඩමුළුව 2019 ඔක්තෝබර් මස 11 වන දින ඕස්ට්‍රේලියාවේ කැන්බරා නුවරදී අති උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.

    ඒ අනුව, රටවල් 80 කට අධික ආරක්‍ෂක ප්‍රධානීන් සහ ආරක්‍ෂාව සම්බන්ධව කටයුතු කරන ආයතන සහභාගීත්වයෙන් ‘21 වන සියවසේ ඉන්දු  ෆැසිපික් සාගරික කලාපය තුල ප්‍රේක්‍ෂාවලිය බලපෑම්’ යන තේමාව මුලික කර ගනිමින් පැවැති සමුළුවේදී ශ්‍රී ලංකාව වගකියන ඉන්දියානු සහ කලාපීය සාගරයන්හි නූතන ආරක්‍ෂක ප්‍රවණතාවයන් පිළිබඳව කරුණු රැසක් සාකච්ජාවට ලක් කෙරුණි. තවද, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා සමුළුවට සහභාගී වූ විදේශිය නාවික හමුදාධිපතිවරුන් හමුවී ද්විපාර්ශවික වැදගත් වන කරුණු පිළිබඳව අදහස් හුවමාරු කර ගන්නා ලදී.

    මෙම සමුළුවට සමගාමීව පැවැති ෆැසිපික් 2019 ආරක්‍ෂක ප්‍රදර්ශනය ‍සඳහා ද නාවික හමුදාධිපති  සහභාගී වීය.

    එමෙන්ම, සාගරික සමුළුවෙන් අනතුරුව ඔක්තෝබර් 11 වන දින ඕස්ට්‍රේලියාවේ කැන්බරා නුවර පැවැති ‘නීති විරෝධී සංක්‍රමණය පිළිබඳ ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියානු හයවන ඒකාබද්ධ ක්‍රියාකාරි වැඩමුළුව’ වෙත ද නාවික හමුදාධිපතිතුමා සහභාගී වීය. සෑම වසරකම පැවැත්වෙන මෙම සාකච්ජාව තුලින් ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ආරක්‍ෂක සබඳතා වර්ධනය කර ගැනීමටත්, මේවන විට සාගරික කලාපය තුල අභියෝගයක්ව පවතින නීති විරෝධී සංක්‍රමණය, මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්විම ඇතුළු කරුණු රැසක් පිළිබඳව ද්විපාර්ශවික වශයෙන් සාකච්ජාවට ලක් කෙරුණි. 

    මේ අවස්ථාව සඳහා ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සහ ආරක්‍ෂක ලේකම්, ජෙනරාල් (විශ්‍රාමික) ශාන්ත කොට්ටේගොඩ මහතා ඇතුළු ශ්‍රී ලාංකීක දූත පිරිසක් සහාභාගී වීය. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya