අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “හින්දු බෞද්ධ ආගමික සංහිඳියාව සහ රාවණා මහාරජ විවරණය” කෘතිය දොරට වැඩුම ජනපති ප‍්‍රධානත්වයෙන්

    ඔක්තෝබර් 13, 2019

    “හින්දු බෞද්ධ ආගමික සංහිඳියාව සහ රාවණා මහාරජ විවරණය” කෘතිය ජනගත කිරීමේ උත්සවය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්  කොළඹ ජාතික කෞතුකාගාර ශ‍්‍රවණාගාරයේ දී පැවැත්විණි.

    කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දනන්ජය ගම්ලත් සහ කැලණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නයෝමි කැකුළාවල යන මහත්ම මහත්මීන් විසින් සම්පාදනය කර තිබෙන මෙම ග‍්‍රන්ථය ඔවුන්ගේ වසර 03ක පර්යේෂණයක ප‍්‍රතිඵලයකි.

    විහාරස්ථාන සහ දේවාල 160ක දත්ත ඇතුළත් කරමින් සම්පාදනය කර ඇති මෙම ග‍්‍රන්ථයේ 04 වන පරිච්ඡෙදය වෙන් කර ඇත්තේ රාවණා මහරජ විවරණය ඉතිහාස විද්‍යානුකූල පර්යේෂණයක් ලෙස ශ‍්‍රී ලංකාවේ ආරම්භ කිරීම පිළිබඳව යි.
    හින්දු ආගමික සංහිඳියාවත්, සිංහල ජනතාවගේ මූලාරම්භයේ සිට කි‍්‍ර.ව 19 සියවස අවසන් වන තුරු ලංකාවේ රජකළ රජ දරුවනුත්, මහජනයාත් අතර සම්බන්ධය පිළිබඳව ද මෙහි කරුණු ඇතුළත්ය.

    කතුවරුන් විසින් මෙහිදී ග‍්‍රන්ථයේ පළමු පිටපත ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්න මහතා මෙම උත්සවයේ ප‍්‍රධාන දේශනය සිදු කරන ලදී.

    ශාස්ත‍්‍රපති පූජ්‍ය ඕමාරේ කස්සප අනුනායක හිමියන් ද, කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඞී.ඇම්. සේමසිංහ, පුරාවිදයා පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිණි අධිකාරි, ආචාර්ය රෝලනඞ් සිල්වා යන මහත්වරුන් ඇතුළු විද්වත් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya