අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර කුඹුරු අක්කර 8000ට සහන සැලසීමට පියවර

    ඔක්තෝබර් 12, 2019

    මාතර දිස්ත්‍රික්කයට බලපෑ අධික වර්ෂාව හා සුළං තත්ත්වය හේතුවෙන් අස්වැන්න නෙළීමට ආසන්න කුඹුරු අක්කර 8000 ට අධික ප්‍රමාණයක් හානියට පත් වෙයි.

    මේ බව අනාවරණය වූයේ මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් කසුන් එස්.කේ.වැල්ලහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී නොබෝදා පැවති මාතර දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේ දී ය.
    අදාළ කුඹුරු හිමියන්ට සහන සැලසීම සඳහා කෘෂි රක්ෂණ මණ්ඩලය මගින් අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් පවතින බව ද මෙහි දී අවධාරණය කෙරිණි.


    පසුගිය කෘෂිකර්ම කමිටු රැස්වීමේ දී ගන්නා ලද තීන්දු තීරණ ක්‍රියාත්මක වීම පිළිබඳ ප්‍රගතිය, කෘෂිකර්මාන්තයට සම්බන්ධ ආයතනවල මාසික ප්‍රගතිය, ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටුවලින් පැන නගින ගැටළු පිළිබඳව, දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව වෙත එවන ලද ලිපි පිළිබඳව, පසුගිය කන්නයේ හා ඉදිරි කන්නයේ කෘෂිකාර්මික කටයුතු පිළිබඳව මෙහි දී සාකච්ඡා කෙරිණි.


    මේ අවස්ථාව සඳහා දිස්ත්‍රික්කයේ සියලු ම ප්‍රා‍දේශීය ලේකම් කොට්ඨාස නියෝජනය කරමින් ප්‍රාදේශීය ලේකම් වරුන් ඇතුළු කෘෂිකර්මාන්තයට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන්, පුද්ගලික අංශය සහ ගොවි සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ. මාතර දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ අයි.ආර්.එන්.අබේදීර මහත්මිය ප්‍රමුඛ දිස්ත්‍රික් කෘෂිකර්ම අංශය රැස්වීම සංවිධානය කරන ලදි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya