අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් සිසුන්ගේ ඉංග්‍රීසි අධ්‍යාපනය ඉහළ නැංවීමට සහ සෞඛ්‍ය ආරක්ෂාව බලගැන්වීම වෙනුවෙන් අවබෝධතා ගිවිසුමක්  

    ඔක්තෝබර් 11, 2019

    මෙරට පාසල් දරුවන්ගේ ඉංග්‍රීසි අධ්‍යාපනය වැඩිදියුණු කිරීම සහ නිවැරදි සෞඛ්‍ය පුරුදු තුළින් යහපත් කායික මානසික සමබරතාවක් දරුවන්ට අත්පත්කරදීම වෙනුවෙන් අනුග්‍රාහකත්වය දැක්වීමේ අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම අද (11) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදුකෙරුණි.

    අධ්‍යාපන අමාත්‍යාංශයත් ජාතික ඉතිරිකිරීමේ බැංකුවත් අතර අත්සන් තැබුණු මෙම අවබෝධතා ගිවිසුම යටතේ 2020-2023 වර්ෂයන් තුළ මෙරට පාසල් දරුවන්ගේ ඉංග්‍රීසි භාෂා කුසලතා ඉහළ නැංවීම අරමුණු කරගනිමින් පෙළපොතට සීමා නොවූ ප්‍රායෝගික අත්දැකීම් සමඟ ඉංග්‍රීසි භාෂාව ඉගෙනීමට අවස්ථා සම්පාදනය කිරීම වෙනුවෙන් සැලසුම් කරන ලද English is simple ව්‍යාපෘතිය සහ ‍පාසල් සිසුන් අතර බෝ නොවන රෝග ප්‍රවණතාව අවම කරමින් නිරෝගී සෞඛ්‍ය සම්පන්න සිසු පරපුරක් බිහි කිරීම වෙනුවෙන් සැලසුම් කරන ලද I am Fit  ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමට යෝජිතය.

    ඉංග්‍රීසි භාෂා සංවර්ධන ව්‍යාපෘතිය භාරව අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් ඉංග්‍රීසි භාෂා ඒකකයත් ‍සෞඛ්‍ය සංවර්ධන ව්‍යාපෘතිය භාරව අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය හා පෝෂණ ශාඛාවත් මූලිකත්වය ගෙන කටයුතු කරයි.

    මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ මහතා, ජාතික ඉතිරි කිරීමේ බැංකුව වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී කිත්සිරි විජේරත්න මහතා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ලාල් කරුණාතිලක මහතා, අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් හේමන්ත ප්‍රේමතිලක මහතා ඇතුළු නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya