අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දකුණු පළාතේ උපාධිධාරී අභ්‍යාසලාභී සමථ නිලධාරීන් පුහුණු කෙරේ

    ඔක්තෝබර් 09, 2019

    සමථ මණ්ඩල කොමිෂන් සභාව සඳහා බඳවා ගන්නා ලද උපාධිධාරී අභ්‍යාසලාභී සමථ නිලධාරීන් පුහුණු කිරීම දීප ව්‍යාප්ත වැඩසටහන් මාලාවේ දකුණු පළාත් වැඩසටහන පසුගියදා මාතර - දෙවිනුවර ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

    පාසල් සමථකරණය, සමථකරණය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කිරීම, සමථ මණ්ඩලවල ප්‍රගතිය, පාසල්වල ගැටුම් නිරාකරණය හා ගැටුම් අවම කිරීම ආදී කරුණු පිළිබඳව මෙහි දී විශේෂයෙන් දැනුවත් කිරීම් සිදු කරන ලදි. ගාල්ල දිස්ත්‍රික් සමථ පුහුණු නිලධාරී කීර්ති ලියනගේ මහතා, මාතර දිස්ත්‍රික් සමථ පුහුණු නිලධාරී රංජනී ඩයස් මහත්මිය හා හම්බන්තොට දිස්ත්‍රික් සමථ පුහුණු නිලධාරී රංජිත් ලියනගේ මහතා මෙහි සම්පත් දායකත්වය සපයන ලදි.

    දින පහක් (05) පුරා පැවති මෙම පුහුණු වැඩමුළුව සඳහා ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික් වල ප්‍රාදේශිය ලේකම් කාර්යාල වලට අනුයුක්ත කර සිටින උපාධිධාරී අභ්‍යාසලාභී සමථ නිලධාරීන් සහභාගි වී සිටියහ.

    සමථ මණ්ඩල කොමිෂන් සභාව මගින් මාතර දිස්ත්‍රික්කයට අනුයුක්ත කර සිටින සංවර්ධන නිලධාරීන්ගේ ද සහයෝගය සහිතව මාතර දිස්ත්‍රික් සමථ පුහුණු නිලධාරී රංජනී ඩයස් මහත්මිය පුහුණු වැඩසටහනේ සම්බන්ධීකරණය හා සංවිධාන කටයුතු සිදු කරන ලදි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya