අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉතිහාසයේ ප්‍රථම වතාවට හස්ත කර්මාන්තකරුවන් සඳහා “ශිල්ප සුරක්‍ෂා” නමින් නොමිලේ රක්‍ෂණාවරණයක්

    ඔක්තෝබර් 08, 2019

    ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලාංකික අත්කර්මාන්ත කරුවන් සදහා “ශිල්ප සුරක්‍ෂා” නමින් නොමිලේ රක්‍ෂණාවරණයක් ලබා දීම ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත කරුවන් ලැබු විශාල ජයග්‍රහණයක් යැයි කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන් පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

     අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, (06) දින බණ්ඩාරනායක ජත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ශීල්පාභිමාණී වැඩසටහනට සහභාගි වෙමිනුයි.

    එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසීය, දැනට ලංකාවේ 20000කට වැඩි හස්ත කර්මාන්ත කරුවන්ගේ ශ්‍රම බලකායක් සිටිනවා. මෙහි පළමු අදියරේදී හස්ත කර්මාන්තකරුවන් 5000කට මෙම වසරේදී ශිල්ප සුරක්‍ෂා නොමිළේ “ශිල්ප සුරක්‍ෂා” රක්‍ෂණාවරණය ලබා දීමට නියමිතයි. අදියර කිහිපයක් ඔස්සේ අනෙකුත් හස්ත කර්මාන්ත කරුවන් සඳහා මෙම රක්‍ෂණාවරණය ලබා දීමට කටයුතු කරනවා.

    මෙය හස්ත කර්මාන්ත කරුවන් වෙනුවෙන් “ශිල්ප සුරක්‍ෂා” ලබා දීමට අතිගරු ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සෘජු මැදිහත් වීම අපේක්‍ෂා කළ යුතු වෙනවා. මිලයන 1000ක පමණ පාඩු ලැබු ලක්සල ආයතනය මේ වන විට මිලියන 500 කට පමණ අඩු කරලා තිබෙනවා.
    මෙම හස්ත කර්මාන්තකරුවන්ගේ අත්කම් ලක්සල ආයතන මගින් මිලට ගනු ලබනවා. එසේ මිලදී ගන්නා අත්කම් විදෙස් සංචාරකයන් සදහා අළෙවි කිරීමේන් විශාල වශයෙන් රජයට මුදල් ලැබෙනවා. එසේ විදෙස් සංචාරකයන් වැඩි වශයෙන් අත්කම් භාණ්ඩ මිලට ගැනීම නිසා දේශීය හස්ත කර්මාන්තය මෙතෙක් ලැබුණූ ලාබයට වඩා විශාල ලාබයක් අත් කර ගනිමින් සිටිනවා. මෙමගින් හස්ත කර්මාන්ත කරුවන්ගේ ආදායම් තත්වය ඉහළ යමින් පවතිනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya