අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැඩිහිටි සමිති 2000 කට රුපියල් ලක්‍ෂය බැගින් ලබා දීමට අනුමැතිය ලබාගෙන තිබෙනවා- ඇමැති දයා ගමගේ ලෝක වැඩිහිටි දින උළෙලේදී කියයි

    ඔක්තෝබර් 04, 2019

    දරුවන් හදා දරුවන්ගෙත් දරුවන් හඳන වැඩිහිටියන් සඳහා වෙන් වී ඇති දිනයේදීවත් අපට ඔවුන්ට සැලකීමට නොහැකි නම් මේ ලෝකයේ අකෘතඥම ජාතිය බවට අප පත් වෙනවා යැයි ප‍්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීමේ ඇමැති දයා ගමගේ මහතා පැවසීය.


    කොපමණ දොස් ඇහැව්වත් වසර 21 ක් තිස්සේ සමෘද්ධිය හිමි නොවූ දුප්පත් ලක්‍ෂ හයකට සමෘද්ධිය සති දෙකකින් ලබා දීමේ ආත්ම තෘප්තිය තමාට සියල්ලටම වඩා වටිනවා යැයි ද ඒ මහතා පැවසීය.
    වැඩිහිටි ඔබට නිසි තැනක් දෙන හෙට දවස මැයෙන් යුතුව 2019 ජාත්‍යන්තර වැඩිහිටි දිනයට සමගාමීව ප‍්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශය මගින් සංවිධානය කරන ලද ශ‍්‍රී ලාංකිය ජ්‍යෙෂ්ඨ පුරවැසියන් අගයනු ලබන වැඩිහිටි දින ජාතික සැමරුම් උළෙල (01) පැවැත්විණි.
    මෙම අවස්ථාවට සමගාමීව හොඳම වැඩිහිටි ස්වයං රැුකියාලාභී ව්‍යවසායකයා සඳහා සම්මාන ප‍්‍රධානය, හොඳම වැඩිහිටි නිවාසය සඳහා සම්මාන ප‍්‍රධානය, ප‍්‍රාදේශීය වැඩිහිටි බලමණ්ඩල අතර කාර්යසාධන තරගාවලියේ ත්‍යාග ප‍්‍රධානය, හොඳම වැඩිහිටි දිවා මධ්‍යස්ථානය තේරීම, දිවයිනේ වයස්ගතම මව පියාණන්, වැඩිම දරුවන් සිටින මාතාව වෙත උපහාර ප‍්‍රධානය කිරීම ඇතුළු ලාංකීය ජ්‍යෙෂ්ඨ මාපියන් ඇගැයීමේ අංග රැුසකින් ලෝක වැඩිහිටි දින සැමරුම් උළෙල උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.


    ලෝක වැඩිහිටි දිනය නිමිත්තෙන් අනුරාධපුර සල්ගාදු කී‍්‍රඩාංගණයේදී පෙරේදා (01 වැනිදා ) පැවති ජාතික උත්සවයේදී ඇමැතිවරයා එසේ කීය. ඉඩම් හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ ඇමැති ගයන්ත කරුණාතිලක, ප‍්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය ඇමැති අල් සහිර් මව්ලානා, එම අමාත්‍යාංශයේ අධීක්‍ෂණ මන්තී‍්‍ර චමින්ද ගමගේ, අමාත්‍යාංශ ලේකම් අසෝකා අලවත්ත, අතිරේක ලේකම්වරුන්, රාජ්‍ය නිලධාරීහු ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගි වී සිටියහ.


    එහිදී තව දුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද පැවසීය.
    ලොව පුරා නොයෙක් ස්ථානවල වැඩිහිටි දිනය සමරනවා. ලංකාවේ එම උත්සවය 25000 ක් වැඩිහිටියන්ගෙන් සමන්විතව සැමරීමට අපි සැලසුම් කළා. ඒත් අපේ සැලසුම කි‍්‍රයාත්මක කරන්නට නොහැකි වීම පිළිබඳව මා කනගාටු වෙනවා. 2017 වසරේදී වැඩිහිටි උත්සවයක් නෙළුම් පොකුණ රංග ශාලාවේදී පවත්වා තිබුණා. එයට වැඩිහිටියන් 650 ක් සහභාගි කරවා ගෙන තිබුණා. එම වැඩිහිටි උත්සවයේදී එක වැඩිහිටියකු වෙනුවෙන් රුපියල් 15333 ක් වියදම් කර තිබෙනවා. ඒත් 2018 වැඩිහිටි උත්සවය අම්පාරේදී වැඩිහිටියන් 5000 ක් සමග අපි සැමරුවා. රටම නියෝජනය වන පරිදි වැඩිහිටියන් අපි එදා අම්පාරට කැඳෙව්වා. ඒත් එදා එක වැඩිහිටියකු වෙනුවෙන් වියදම් වී තිබුණේ රුපියල් 3200 ක් පමණයි. ඒ බව මෙහිදී කිව යුතුමයි. මෙවර අපි එම වැඩිහිටි උත්සවයේ එක වැඩිහිටියකු වෙනුවෙන් රුපියල් 1200 ක් පමණ වියදම් වන ආකාරයට වැඩිහිටි උත්සවය සැලසුම් කර තිබුණා. අපි මුදල් නාස්ති කරන්නෙ නැහැ. අපේ මවුවරුන්ට, පියවරුන්ට දිය යුතු ගෞරවය ලබා දෙන්නට අපට නොහැකි නම් අපි මේ ලෝකයේ ඉන්න අකෘතඥම ජාතිය වෙනවා. ඔවුන්ට සැලකීමට නොහැකි නම් පාර්ලිමේන්තු පනත් වලින් සම්මත කරගත් වැඩිහිටි ලේකම් කාර්යාලවලින් ඇති ඵලය කුමක්ද? රාජ්‍ය නිලධාරීන්ගෙන් ඇති ඵලය කුමක්ද කියලා මම විමසනවා.

    මගේ දෙමව්පියන් දෙදෙනාම මට වයස අවුරුදු 6 1/2 ක් වන විට මිය ගියා. වැඩිහිටියන් වන ඔබ දරුවන් හදලා, දරුවන්ගෙත් දරුවන් හදනවා. ඒ වගේම රට සංවර්ධනය කරන්න, දියුණු කරන්න ඔබ සෑහෙන්න දුක් විඳලා තිබෙනවා. එහෙම දුක් විඳපු, මහන්සි වුණු ඔබ වෙනුවෙන් වසරකට වෙන් වී ඇති දිනයේදීවත් ඔබට උපහාරයක් දක්වන්නට නොහැකි නම් මගේ ඇමැතිකමින් ඇති වැඬේ මොකක්ද?
    වැඩිහිටි ජනතාව වෙනුවෙන් විශාල වැඩ කොටසක් අපේ අමාත්‍යාංශය යටතේ කරගෙන යනවා. ඒත් ඊට ලැබෙන සහයෝගය ප‍්‍රමාණවත් නැහැ. ප‍්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය, සමාජ සුබ සාධන අංශය, සමාජ සේවා දෙපාර්තමේන්තුව, වැඩිහිටි ලේකම් කාර්යාලය, සමාජ සවිබල ගැන්වීමේ අංශය ආදී මේ සියල්ල එකතු කර ගත් විට මගේ අමාත්‍යාංශයේ 35000 ක පමණ පිරිසක් ඉන්නවා. මේ 35000 ම ධනාත්මකව, උනන්දුවෙන් ඇල්මෙන් වැඩ කරනවානම් මේ රට සුර පුරයක් කිරීම අපහසු කාරණයක් නොවේ.
    වැඩිහිටියෝ ලක්‍ෂ 26 ක් රටේ සිටිනවා. එම ලක්‍ෂ 26 න් ලක්‍ෂ 10 ක් වයස අවුරුදු 70 ඉක්මවූ පිරිස ලෙස සැලකෙනවා. ඉන් හාරලක්‍ෂ හැටපන්දහසක පමණ පිරිසකට රුපියල් 2000 ක දීමනාවක් ලබා දෙනවා. පොරොත්තු ලේඛනයේ සිටි 35000 ක පමණ පිරිසකට ද අපි එම දීමනාව ලබා දුන්නා. තවත් ලක්‍ෂයක පමණ පිරිසක් ද පොරොත්තු ලේඛනයේ සිටිනවා. මේ වසර අවසානයට පෙර ඒ සියලූ දෙනාටම රුපියල් 2000 වැඩිහිටි දීමනාව ලබාදෙන බවට මම පොරොන්දු වෙනවා.


    වැඩිහිටියන්ට ලබාදෙන එම දීමනාවෙන් කපා ගන්න රුපියල් 100 ත් දැන් ලොකු අරමුදලක් ගොඩනැගී තිබෙනවා. එම මුදල එකතු කරලා බැංකුවේ දාලා පොලී එකතු කර කර ඉන්න නොවේ එම අරමුදල හදලා තිබෙන්නේ ඉන් වැඩිහිටියන්ට විනෝද චාරිකා යාම සඳහා බස් රථ 50 ක් ගැනීමට මම යෝජනා කළා. ප‍්‍රාදේශීය බලමණ්ඩලවලට එක බස් රථය බැගින් ලබා දීමට සැලසුම් කළා. ඒත් ඊට ගොඩක් අය විරුද්ධ වුණා මේ මුදල් භාණ්ඩාගාරයේ මුදල් නොවේ. වැඩිහිටියන්ගෙ මුදල් බව ඔවුන් වටහා ගත්තෙ නැහැ. වැඩිහිටි මහලේකම් කාර්යාලයෙන් එය අනුමත කර අපේ යෝජනාව කි‍්‍රයාත්මක කරන්න පුළුවන්කම තිබුණා. අපිට කාගෙන්වත් අනුමැතියක් ගන්න අවශ්‍ය නැහැ.


    එක බස් රථයකින් වසරක් තුළ 9000 ක් දෙනාට චාරිකා කිරීමට හැකියි. ඔවුන්ගේ සැදෑ සමය ආගමික සිද්ධස්ථාන වැඳපුදා ගැනීමට එමගින් හැකි වෙනවා. ඒ අනුව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල 331 කට වැඩිහිටි සමිතිවලට අයිතිය පවරමින් එවැනි බස් රථ ලබා දීමට මම කටයුතු කරනවා.


    වැඩිහිටි සමිති 1000 කට රුපියල් ලක්‍ෂය බැගින් ලබා දීමට අපි අරමුදලක් හැදුවා. ඒ අරමුදලෙන් වැඩිහිටියන්ට ණය මුදල් ලබා දෙනවා. ඒ වගේම ඔබට රටේ ආර්ථිකයට යමක් ආයෝජනය කළ හැකි නම් ඔබ වෙනුවෙන් සමෘද්ධි බැංකුවෙන් ද ණය මුදලක් ලබා දෙන්න අපි සූදානම්. අපි අපනයන ගම්මාන 5000 ක් හදනවා. ඒ සඳහා ද වැඩිහිටි ඔබට දායක විය හැකියි. ඒ තුළින් අපේ රටේ ආර්ථිකයට ද දායකත්වය දෙන ඔබ රටට ණය නැති බරක් නැති රටට වටිනා මිනිසකු බවට පත් වෙනවා. අපි අපේ රටේ නිෂ්පාදනය වැඩි කළ යුතුයි. එහෙම කළොත් පමණයි අපට අපගේ ණය කන්දරාවෙන් ගැලවෙන්න හැකි වෙන්නේ. අපේ දරුවන්ව ඒ ණය බරෙන් මුදවන්න නම්, අපි නිෂ්පාදන ඉලක්කයකට ගමන් කළ යුතුමයි.
    වැඩිහිටි සමිති 2000 කට රුපියල් ලක්‍ෂය බැගින් ලබා දීමට අපි අනුමැතිය ලබාගෙන තිබෙනවා. ඒ සමිති 2000 ට මුදල් ලබා දීමෙන් පසු ඉතිරි සමිතිවලට ද ලක්‍ෂය බැගින් මුදල් ලබා දෙනවා. එමගින් වැඩිහිටි ඔබ ශක්තිමත් කිරීමට අපි කටයුතු කරනවා. වැඩිහිටියන් වෙනුවෙන් ලබා දීමට සැලසුම් කර තිබූ සුළු තෑග්ග අද ලබා දෙන්න හැකියාවක් නැහැ. මන්ද මැතිවරණයක් ප‍්‍රකාශයට පත් කර තිබෙන නිසා. හැබැයි මැතිවරණය නිමා වූ වහාම අපි ඒ තිළිණය ලබා දෙනවා.


    වෛද්‍ය සායන 12000 ක් අපි කි‍්‍රයාත්මක කිරීමට අපේක්‍ෂිතයි. දැනට වෛද්‍ය සායන 600 ක් පවත්වා තිබෙනවා. එය ප‍්‍රමාණවත් නැහැ. වසරකට සායන 12000 ක් අවශ්‍යයි. හැම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයකටම එක වෛද්‍ය සායනයක් ලබා දෙනවා. වැඩිහිටි නිවාසවලත් ඒවා පවත්වනවා. ඔබට අවශ්‍ය ඖෂධ එම වැඩිහිටි සායන මගින් ලබාගත හැකියි. අම්පාර දිස්ති‍්‍රක්කයට දයා සරණ පදනම මගින් රෝද පුටු කන්ටේනර් ගණන් අපි බෙදා දීලා තිබෙනවා. වෛද්‍ය සායනයේදී අපි ඖෂධවලට අමතරව රෝද පුටු සහ අත්වාරුද කඩිනමින් ලබා දෙනවා.


    රජයෙන් ලබාදෙන චීන රෝද පුටුවලට ටෙන්ඩර් මිල 12500 කට අනුමත වී තිබෙනවා. එංගලන්තයේ සිටින එන්ජී ඕ එකකට සම්බන්ධ ශී‍්‍ර ලාංකික පුද්ගලයකු රුපියල් 2500 ට රෝද පුටු ලබා දෙන්න අපට ටෙන්ඩර් දැම්මට ඔහු අය කළේ රෝද පුටු ගෙන්වීමේ නැව් ගාස්තු පමණයි. එම රෝද පුටුවක් ලංකාවේ මුදලින් රුපියල් 25000 ක් 30000 ක් තරම් වටිනවා. ටෙන්ඩරය දාන්න විනාඩි 5 ක් ප‍්‍රමාද වුණා කියලා ඔහුට එම පරිත්‍යාගය කරන්න අවස්ථාව ලබා දුන්නෙ නැහැ. පසුව මමත්, අපේ ලේකම්තුමියත් නියෝග නිකුත් කරලා එම ටෙන්ඩරය නැවත ලබා ගත්තා. රෝද පුටු ලැබුණා. දැන් කාලයක් ගතවෙලා. හැබැයි අදටත් ඒ පුද්ගලයාට ගෙවිය යුතු නැව් ගාස්තුව රජයෙන් ගෙවලා නැහැ. මේ විදිහට තමයි රජයේ කටයුතු සිදු වෙන්නේ.
    ඒත් හැම දෙයකටම ඔබ අපට දොස් කියනවා. බනිනවා. පත්තරවලින් බනිනවා. පාර්ලිමේන්තුවෙත් බනිනවා. අපට ඇයි මේ වගේ දේවල් වලටත් දොස් කියන්නේ? මම ඇමැති වූ පමණින් සියල්ල මට තනිවම කළ නොහැකියි. රාජ්‍ය සේවකයන්ගේ සහය අපට අවශ්‍යයි. කුමක් හෝ දෙයක් කරන්න හැදුවොත් කොමිස් ගහනවා කියනවා. නියෝගයක් ගත්තොත් කොමිස් ගහනවා කියනවා. වැඩිහිටියන් වෙනුවෙන් බස් රථ ගන්න හදන විට දයා ගමගේ බස් වලින් කොමිස් ගහන්න හදනවා කියනවා. මම ඔය කතාවලට බය නැහැ. ලක්‍ෂ හයකට සති දෙකක් තුළ මම සමෘද්ධිය දීලා තිබෙනවා. ඔවුන්ව දැනුවත් කිරීමේ වැඩසටහන් 25 ක් පැවැත්වූවා. රජයේ මුදල් ගත්තෙ නැහැ. බැනුම් ඇහැව්වා දොස් ඇහැව්වා. කොපමණ බැනුම් ඇහැවත් වසර 21 ක් තිස්සේ සමෘද්ධිය හිමි නොවූ දුප්පතුන් ලක්‍ෂ හයකට සති දෙකකින් සමෘද්ධිය ලබා දීමේ ආත්ම තෘප්තිය මට තිබෙනවා. සමෘද්ධිය සඳහා අයැදුම්පත් ලැබී ඇති ඉතිරි ලක්‍ෂ හතර සඳහා ද මේ වසර අවසාන වීමට පෙර සමෘද්ධිය ලබා දෙනවා. වැඩිහිටි උත්සව 25 ක් එන වසරේ එක දවසේ රට පුරා පැවැත්වීමටත් අපි අපේක්‍ෂා කරනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya