අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගංවතුර වෙනුවෙන් නාවික හමුදා මෙහෙයුම් තවදුරටත්

    සැප්තැම්බර් 26, 2019

    මේ දිනවල දිවයිනට බළපා ඇති අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක් ගංවතුර අවධානමකට ලක්ව ඇති අතර, එමඟින් පීඩාවට පත් ජනතාවට සහන සැළසීම සඳහා හදිසි අවස්ථා කණ්ඩායම් රැසක් නාවික හමුදාව විසින් විවිධ ප්‍රදේශවල මේවන විට අනුයුක්ත කර ඇත.

    ඒ අනුව, විපතට පත් ජනතාව ඉන්මුදවා ගැනීම සඳහා නාවික හමුදා සහන සැළසීමේ කණ්ඩායම් 24  ක් සහ ඩිංගි යාත්‍රා13 ක් මේ වනවිට දකුණු සහ බස්නාහිර යන පළාත් වෙත අනුයුක්ත කර ඇත. ඒ අනුවකළුතරදිස්ත්‍රික්කයේ වලල්ලාවිටසහ බුලත්සිංහල යන ප්‍රදේශ ගාල්ලදිස්ත්‍රික්කයේනාගොඩතවලමඉමදුව, උඩුගම සහපෝද්දල යනප්‍රදේශමාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටිය, තිහගොඩ, මාලිම්බඩ සහ අකුරැස්ස යන ප්‍රදේශ මෙන්ම කොළඹදිස්ත්‍රික්කයේ කොටිකාවත්ත යන ප්‍රදේශවල සහන කණ්ඩායම් අනුයුක්ත කර ඇත.


    තවදගාල්ල දිස්ත්‍රික්කයේ දෙල්ගහතොට ප්‍රදේශයේ පොල්අතුමෝදර ගඟ හරහා ගසක් කඩා වැටී කුණු රොඩු එකතු විම හේතුවෙන් ජලයබැස යාම අවහිරවී ඒ ආශ්‍රිත ප්‍රදේශය ජලයෙන් යට වීමේ අවධානමකට ලක්ව තිබිණි.එබැවින් ජලය බැස යාම කඩිනම් කිරීම සඳහා නාවික හමුදා සහන සැලසීමේ කණ්ඩායම් ඒ සඳහාක්‍ෂණිකව ක්‍රියාත්මක වී ජලය බැස යාම කඩිනම් කිරීමට කටයුතු කරන ලදී.

    අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් අවශ්‍ය පරිදි ස්ථානගත කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් නාවික හමුදාව ඉදිරියටත් නිරන්තර අවධානයෙන් සිටී

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya