අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දකුණෙ ගුරු පත්වීම් ලබා දීමේ දී කිසිදු දේශපාලන බලපෑමක් කර නැහැ' -දකුණු පළාත් ආණ්ඩුකාර

    සැප්තැම්බර් 11, 2019

    දකුණේ ගුරු පත්වීම් ලබා දීමේදී තමන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට හෝ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්ට කිසිදු ආකාරයක බලපෑමක් නොකළ බව දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර මහතා පවසයි.

     දකුණු පළාතේ උපාධිධාරීන්ට ගුරු පත්වීම් ලබා දීමේ දෙවන අදියරට එක්වෙමින් හේමාල් ගුණසේකර මහතා මේ බව කියා සිටියේ ය. පත්වීම් ප්‍රදානය (09) පෙරවරුවේ වැලිගම නගර ශාලාවේ දී පැවැත්විනි. එදින සිංහල මාධ්‍ය උපාධිධාරීන් 699 දෙනෙක් සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයේ පත්වීම් ප්‍රදානය ආණ්ඩුකාරවරයා අතින් සිදු විය.

     

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාර හේමාල් ගුණසේකර මහතා...

     

    මම කැමතියි සියලුම උපාධිධාරීන්ට රැකියා මේ ආකාරයෙන් ලබා දෙන්නට පුළුවන් නම්. මම ආණ්ඩුකාරවරයා වශයෙන් තීන්දු, තීරණ ගත්තත් ඒවා ක්‍රියාත්මක කරන්නෙ නිලධාරීන්. සුදුසුකම් සපුරා සිටින සියලු දෙනාට ඉදිරියේ දී ගුරු සේවයට බඳවා ගන්නට මේ නිලධාරීන් කටයුතු කරනවා. ප්‍රභාකරන්ගේ දරුවා වුනත් සුදුසුකම් සපුරලා තිබුණ නම් පත්වීම් ලබා දෙන තත්ත්වයක් තමයි අපි දකුණෙ නිර්මාණය කරගෙන යන්නෙ. ඒ වගේම කියන්න ඕන පත්වීම් ගත්ත ගමන් මාරුවීම් හදාගන්න මා ගාවට එන්න එපා. දෙණියාය බෑ..හම්බන්තොට බෑ.. සූරියවැව බෑ වශයෙන්. වැලිගම කීප දෙනෙක්ම ආවා මාව මුණගැහෙන්න මාරුවීම් හදාගන්න. ඒ මම වැලිගම ආන්ඩුකාරවරයෙක් නිසා. ඔබලා දැන් ඉන්නේ හොඳම තරුණ වයසේ. ඒ කාලෙ අපි මේ වයසෙදි ඈත පළාත්වලට යන්න හරි ආසයි. ඒ නිසා ඒ පළාත්වලට ගිහින් සේවය කරන්න මැලි වෙන්න එපා. අද ඉඳලා ඔබ තමයි දරුවා පාසලට ආවම ගෙදරට යනකම් දරුවාගෙ අම්මා, තාත්තා වෙන්නෙ. අපි ඉදිරියෙදිත් පුරප්පාඩු ඇති වෙන පරිදි ගුරු පත්වීම් ලබා දීමට බලාපොරොත්තු වෙනවා. අද පත්වීම් ලැබුනෙ නෑ කියලා කවුරුවත් අධෙර්යයට පත් වෙන්න එපා. උත්සාහ කරන්න.

     

    ඔබ පත්වීම ලබන පාසලේ විදුහල්පතිවරයා, නියෝජ්‍ය විදුහල්පතිවරයා ඔබේ නායකයා විදියට සළකන්න. ඔවුන්ට ඉහලින් යන්නට හිතන්න එපා. පොඩි තැනකින් පටන් ගන්න ඔබේ ජීවිතය. එවිට ඉහළම තැනකටම ඔබට යන්න පුළුවන් අත්දැකීම ඔබ සතු වෙනවා. එක සැරේ ආණ්ඩුකාරකම ලැබෙන්නෙ නෑ. එක සැරේ ජනාධිපති පුටුවට යන්න ලැබෙන්නෙ නෑ. පියවරෙන් පියවරයි ඉදිරියට යන්න ඕන. අවංකව රජයේ සේවය කරොත් කවදාහරි විශ්‍රාම යන දවසට ඔබට සතුටු වෙන්න පුළුවන්.'

     මේ අතර මෙතෙක් පත්වීම් නොලද උපාධිධාරීන්ට අධ්‍යාපන අමාත්‍යාංශයේ විධිමත් අභියාචනා ආකෘති ඉදිරිපත් කිරීමට අවස්ථාව සළසා ඇති බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර සිටියි.

     පත්වීම් ප්‍රදානෝත්සවයට ආණ්ඩුකාර ලේකම්, ඒ. යූ. වේලාරත්න මහතා, දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වයි. වික්‍රමසිරි මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya