අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වරාය පිවිසුම් ගුවන් මාර්ග පද්ධතිය ආරම්භ කෙරේ

    සැප්තැම්බර් 10, 2019

    ''හදවත් යා කෙරෙන රන් මාවත්'' මැයෙන් ගුවනින් යා කෙරන හෙට දවස වෙනුවෙන් වරාය පිවිසුම් ගුවන් මාර්ගය ව්‍යාපෘතිය ආරම්භ කිරීම් අද (10) සිදු කෙරේ.

    රජයේ ජාතික උපාය මාර්ගයට අනුව 10 දින වරාය පිවිසුම් ගුවන් මාර්ග පද්ධතිය ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. ඒ අනුව, වරාය පිවිසුම් ගුවන් මාර්ගය ව්‍යාපෘතිය හෙට සිට ආරම්භ කෙරෙන බව මහා මාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂිම් මහතා විසින් ඊයේ (09) මගනැගුම මහා මැදුරේ පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවේ දී පැවසීය.

    ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර මත ආරම්භ කෙරෙන මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ප්‍රථම කුළුණු මතින් දිවෙන අධිවේගී මාර්ගය වන අතර, මෙහි දළ ඇස්තමේන්තු ගත මුළු මුදල ඇමරිකානු ඩොලර් මිලියන 300 ක් වේ. ප්‍රමුඛ ඉදිකිරීම් සමාගමක් වන චීන සිවිල් ඉංජිනේරු ඉදිකිරීම් සංස්ථාව කටයුතු කරන බවත්, උපදේශක සමාගම වශයෙන් ඇමරිකාව, එංගලන්තය සහ ශ්‍රී ලංකා උපදේශක සමාගම් 03 ක අනුබද්ධිත ආයතනයක් මඟින් සිදු කෙරේ. මෙම මස ආරම්භ වී ඉදිරි වසර තුනක කාලය ඇතුළත ඉදිකිරීම් නිම කිරීමට නියමිත බවත් මෙහි දී සඳහන් වීය.

    මෙම අධිවේගී මාර්ගය ඉඟුරු කඩේ මංසන්ධිය අසලින් නව කැළණි පාලමට සම්බන්ධ වන අතර එතැන් සිට කුළුණු මතින් අභිනව වරාය දක්වා පැමිණේ. එතැන් සිට යෝජිත උමං මාර්ගය ඔස්සේ ගාලු මුවදොරෙහි ඇති සුන්දරත්වයට බාධාවක් නොවන සේ වෙරළ බඩ මාර්ගය දක්වා සම්බන්ධ වේ.

    කොළඹ වරායට වඩා හොඳ සම්බන්ධතවයක් ලබා දීමෙන් කලාපීය සහයෝගිතාවය වර්ධනය කිරීමට යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව ඉහළ දයල්කත්වයක් ලබා දේ. අධිවේගී මාර්ග වල මුල්‍ය කළමනාකාරිත්වය සහ මෙහෙයුම් සහ නඩත්තු සඳහා සහය වීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරියට සහය වීම ද මෙමඟින් සිදු වේ. මෙම ව්‍යාපෘතිය මඟින් ගාලුමුවදොර සිට පෑලියගොඩ දක්වා මිනිත්තු 04 කින් පමණ ගමන් කළ හැකිවන අතර ඉන් අනතුරුව අධිවේගී මාර්ග පද්ධතිය හා සම්බන්ධ වීමෙන් මාර්ග තදබදයකින් තොරව පිට පළාත් සඳහා ගම කළ හැකි වේ. එමඟින් ඉන්ධන පිරිවැය අවම කිරීම, වාහන නඩත්තු පිරිවැය අවම කිරීම, ආදී වූ සේවා රාශියක් මෙමඟින් සැලසීම අපේක්ෂිත වේ.

    මෙම වරාය පිවිසුම් ගුවන් මාර්ගය කොළඹ වරාය පරිශ්‍රය තුළින් ඉදිකිරීම් සිදු කරන බැවින්, ඉඩම් අත්පත් කිරීමක් සිදු නොවන අතර මහජනතාවට සිදුවන අවහිරතා අවම කෙරේ. එමෙන්ම, කන්ටේන(ර්) බහාලුම් ප්‍රවාහනය සඳහා වෙනමම ප්‍රවේශයක් ලබා දෙන බැවින් දැනට පවතින මහා මාර්ග තදබදය ද සැළකිය යුතු තරමකින් අඩු වේ. ප්‍රධාන වශයෙන් ඔරුගොඩවත්ත බේස්ලයින් මාර්ගය හා පවතින අධික තදබදය අවම කිරීම සිදු වේ. මෙහි ප්‍රධාන බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට යොමු වීම සඳහා ඇති ප්‍රවේශ මාර්ගය හරහා අවහිරයකින් තොරව පොදු ප්‍රවාහන බස් රථ, අධිවේගී මාර්ග පද්ධතිය හා සම්බන්ධ වේ.

    තව ද, මෙම ව්‍යාපෘතිය මඟින් වරාය පරිශ්‍රය තුළ ඇති අක්‍රමවත් ගොඩනැගිලි රැසක් කඩා ඉවත් කිරීම මඟින් කොළඹ වරාය පරිශ්‍රය ක්‍රමවත් ලෙස පුළුල් වීමක් ද වේ. ඒ අනුව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහා වසර ගණනාවක් තිස්සේ පැවති මහල් 17 කින් යුතු නවීන නාවික පහසුකම් සැලසීමේ මධ්‍යස්ථානයක් ඉදි කිරීම් කටයුතු මෙමඟින් දැනටමත් ආරම්භ කර ඇති බව ද සඳහන් වීය.

    මෙම මාධ්‍ය හමුව සඳහා අමාත්‍යංශ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් ආර්. සූරියආරච්චි‍, මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් කමල් අමරවීර, මාර්ග සංවර්ධන අධිකාරියේ ක්‍රියාකාරී අධ්‍යක්‍ෂ ආර්.එම් ගාමිණී, ව්‍යාපෘති අධ්‍යක්ෂ ඒ.එල්. නිසාම් යන මහත්වරුන් ද මේ සදහා සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya