අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හිතුමතේට තිරිඟු පිටි මිල ඉහළ දැමීම කිසිසේත් අනුමත නොකරයි- අමත්‍ය පී.හැරිසන්

    සැප්තැම්බර් 09, 2019

    පෞද්ගලික සමාගමක් හිතුමතේට තිරිඟු පිටි මිල ඉහළ දැමීම කිසිසේත් අනුමත නොකරන බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා අනුරාධපුර හුරුළු වැව වාරි ව්‍යාපෘතිය යටතේ පවතින කෘෂි මාර්ග නවීකරණ වැඩසටහන වන “ දියවර නෑයෝ ” හා එක් වෙමින් පැවසීය.

    ආනයනික සහ දේශීය ආහාර ද්‍රව්‍ය භාණ්ඩ මිල තීරණ කරනු ලබන ජීවන වියදම් කමිටුවේ නිර්දේශයකින් හා කැබිනට් මණ්ඩලයේ තීන්දුවකින් තොරව පෞද්ගලික සමාගමක් පසුගිය දා තිරිඟු පිටි කිලෝවක මිල රු. 5කින් ඉහළ දැමීම ජීවන වියදම් කමිටුවේ සභාපතිවරයා ලෙස තමා කිසි විටෙකත් අනුමත නොකරන බව අමාත්‍ය පී. හැරිසන් මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

    මීට පෙර අවස්ථාවකදී ද විදේශීය තිරිඟු පිටි මිල හා සසඳමින් ආනයනික තිරිඟු පිටි කිලෝවක මිල වැඩි කර තිබුණා. නමුත් අපේ ජීවන වියදම් කමිටුවේ තීන්දුවකට අනුව එම මිල නැවත සංශෝධනයකට ලක් කරමින් සමාගම් විසින් වැඩි කරන ලද මුදල අඩු කරනු ලැබූවා. හෙට ( 10 ) දිනයේ පස්වරුවේ දී පැවැත්වෙන ජීවන වියදම් කමිටුව මඟින් තිරිඟු පිටි මිල පිළිබඳ සාකච්ඡා කොට සමාගම්වල ඉල්ලීම් සළකා බලමින් තිරිඟු පිටි කිලෝවක මිල තීරණය කරන බව හෙතෙම වැඩි දුරටත් කීය.

    පෞද්ගලික සමාගම් රජයේ අවසරයකින් තොරව මෙම තීන්දු තීරණ ගැනීම හෙලා දකින බවත් ජනතාවට ඉදිරියේදී සහනදායී තීන්දුවකට එළැබෙන බවත් හෙට දිනයේදී ගනු ලබන තීන්දුව කැබිනට් මණ්ඩලය වෙත දන්වා මේ සතිය තුළම තිරිඟු පිටි කිලෝවක් සඳහා වන පාලන මිල තීන්දු කරනු ලබන බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

    වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙහි යන්ත්‍රෝපකරණ හා සේවක මහතුන්ගේ ශ‍්‍රම දායකත්වයෙන් ක‍්‍රියාත්මක“ දියවර නෑයෝ ” වැඩසටහන යටතේ නුවර වැව ව්‍යාපාරය, තිසා වැව ව්‍යාපාරය, හාල්පානූ ඇළ ව්‍යාපාරය, නාච්චදූව ව්‍යාපාරය සහ මහවිලච්චිය ව්‍යාපාරයන් යටතේ කෘෂි මංමාවත් පිළිසකර කල අතර එහි පස්වන වැඩසටහන වන හුරුළු වැව ව්‍යාපාර වැඩසටහන අමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් අද ඇරඹිනි . මෙම ව්‍යාපෘතිය සඳහා යොදා ගනු ලබන යන්ත්‍ර සුත්‍ර සදහා ඉන්ධන , ශ්‍රම දායකත්වය වෙනුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ලක්ෂ 400ක මුදලක් වැය කරනු ලබයි .

    මෙම අවස්ථාවට අනුරාධපුර දිස්ත්‍රික් වාරි ඉංජිනේරු ප්‍රසන්න ද සිල්වා මහතා සහ වාරි කළමණාකරණ වැඩසටහනෙහි අධ්‍යක්ෂ චන්ද්‍රිකා ඇතුගල මහත්මිය ඇතුළු නිළධාරී මහත් මහත්මීන් පිරිසක් මෙන්ම හුරුළු වැව ව්‍යාපාරය යටතේ වගා කටයුතු කරන ගොවීන් රැසක් ද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya