අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

      කෑගල්ල දිස්ත්‍රික්කයේ නව කුඩා තේ වතු කාර්යාලයට මුල්ගල තැබේ

    අගෝස්තු 23, 2019

    කෑගල්ල දිස්ත්‍රික්කයේ නව කුඩා තේ වතු කාර්යාලයට මුල්ගල තැබීම හා කැගල්ල දිස්ත්‍රීකයේ විහාරස්ථාන සදහා මුල්‍ය ආධාර ලබාදීම උත්සවය වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානයක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද 23 මාවනැල්ල හිඟුල ව්‍යාපෘති මධ්‍යස්ථානයේදී පැවැත්වේ.

    වසර 42ක කෑගල්ල දිස්ත්‍රීක්කයේ කුඩා තේ වතු හිමියන් බලාපොරොත්තු සඵල කරමින් රුපියල් මිලියන 42 ක වියදමින් කෑගල්ල දිස්ත්‍රීක්නයේ නව කුඩා තේ වතු කාර්යාලයට මුල්ගල තැබිම සහ එදිනට සමගාමීව සසුනට එළියක් වැඩසටහන යටතේ කෑගල්ල දිස්ත්‍රීක්කයේ විහාරස්ථාන 82 කට මුල්‍ය ආධාර ලබාදීම සිදු කරයි.

    මේ අවස්ථාවට මහාමාර්ග, මාර්ග සංවර්ධන හා ඛණිජ තෙල් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා,වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතා හා පළාත් සභා මන්ත්‍රීවරු මෙන් ම කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති දේශබන්ධු විජේරත්න දෙවගෙදර මහතා ඇතුලු අධ්‍යක්ෂ මණ්ඩලයේ ආරාධනයෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රීනී තුසිතා විජේමාන්න මහත්මිය හා පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීත් සංජය පෙරේරා මහතා සහභාගී වීමට නියමිතය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya