අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විවිධ විපත්වලින් සිදු වූ වගා හානි වෙනුවෙන් වන්දි ගෙවිමට රුපියල් මිලියන 570ක්

    අගෝස්තු 22, 2019

    දිවයින පුරා විවිධ විපත් හේතුවෙන් 2018 වසරේදී සිදුවු වගා හානි වෙනුවෙන් රුපියල් මිලියන 570ක් මුදලක් වන්දි වශයෙන් ගොවීන් 20500කට ගෙවීමට කටයුතු කරන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා පැවැසීය.

    මාතලේ දිස්ත්‍රික්කයේ 2018 වර්ෂයේ යල කන්නයේ සිදුවු වගා හානි වෙනුවෙන් වන්දි මුදල් ප්‍රදානය කිරිමේ උත්සවයට සහභාගි වෙමින් මෙම අදහස් දැක්විය. මාතලේ හෝටල් පාසැල් ශ්‍රවනාගාරයේදී (20) දින පැවැති වන්දි ප්‍රදානයේදී වගා හානියට පත් ගොවින් 1046ක් සදහා රුපියල් ලක්ෂ 270ක මුදලක් වන්දි වශයෙන් ප්‍රදානය කරන ලදී.
    වී, බඩඉරිගු, අර්තාපල්, බී ලූනු, සෝයා හා මිරිස් යන වගාවන් සදහා කිසිදු රක්ෂණ මුදලක් අයකරගැනිමකින් තොරව වගා හානියකදී අක්කරයට රුපියල් හතළිස් දහසක මුදලක් 2017 වර්ෂයේ සිට රජය මගින් ලබාදේ. මීට පෙර වගා හානියකදී වන්දි ලබාගැනීමට වගාවන් රක්ෂණය කර තිබිය යුතු වුවත් ගොවියාට සහනයක් වශයෙන් කිසිදු රක්ෂණ මුදලක් අය නොකට මෙම වන්දි ප්‍රදානය සිදුකරන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

    DMU/Matale

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya