මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති සුරතින් මෙහෙවර පියස ජනතා අයිතියට - සේවක ජනතාවට ලැබෙන සේවාවන් මධ්‍යගත කිරීමට හැකියි- අග්‍රාමාත්‍ය

    අගෝස්තු 21, 2019

    සේවක ජනතාවට ලැබෙන සේවාවන් මධ්‍යගත කිරීමට විවෘත කළ ''මෙහෙවර පියස'' මඟින් හැකිවනු ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහෙවර පියස නව කාර්යයාල සංකීර්ණ ගොඩනැගිල්ල ජනපති ප්‍රධනත්වයෙන් ජනතා අයිතියට කිරිමේ අවස්ථාවට එක් වෙමින් ඊයේ (20)  පැවසිය.

    වැඩිදුරටත් අදහසු දැක් වු අගමැතිවරයා, අභිමානනීය දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන කම්කරු දෙපාර්තමේන්තුව ස්වර්ණමය දිනයකට හිමිකම් කියමින් අද දිනය මෙහෙවර පියස නව කාර්යයාල සංකීර්ණ ගොඩනැගිල්ල ඉදි කිරීම මගින් විශාල රාජ්‍ය හා පෞද්ගලික සේවක සංඛ්‍යාවකගේ සමාජ ආරක්ෂණ ලබා දීමට, සේවක අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට මෙන්ම සේවක ආරවුල් නිරාකරණය කිරීමට මෙහෙවර පියස තුළින් හැකි වනු ඇතැයි ද එසේ නොවුනහොත් සාමය ආරක්ෂා නොවන බවත්, එකී සේවක සාමය ආරක්ෂා කිරීමට කම්කරු දෙපාර්තමේන්තුව හා අමාත්‍යංශය නිහඩ සහ විශාල සහයෝගයක් ලබා දෙන බවත් පැවසීය

    මෙම අමාත්‍යංශය යටතේ ඇති මිලියන 2.5 ක් වූ පෞද්ගලික අංශය සඳහා වූ දකුණු ආසියාවේ විශාලම සමාජ ආරක්ෂණ අරමුදල මඟින් සේවයෙන් විශ්‍රාම ගිය පසු තම විශ්‍රාම දිවිය සතුටින් ගත කිරීමට ඔවුන් ඉතිරි කළ මුදල් නැවත ලබා ගැනීමට හා එමඟින් විශ්‍රාම දිවිය සාර්ථක කර ගැනීමට හැකි වන බව කම්කරු කොමසාරිස් ජනරාල් ඒ.විමලවීර මහතා මෙහි දී උත්සව සභාව අමතමින් පැවසීය.

    රට තුළ ශ්‍රම බලකාය, අපනයන, සේවා, ආර්ථික වර්ධන යන අංශයන් ගේ වැඩි වීමත් සමඟ සේවක සංඛ්‍යාවත් එම සේවකයින්ගේ පනනගින් විවිධ සේවක ප්‍රශ්න ද වර්ධනය වන බව සඳහන් කළ විමලවීර මහතා මෙහෙවර පියස පිහිටුමට පෙර විවිධ ස්ථාන වල පිහිටි සමාජ ආරක්ෂාව සම්බන්ධ සියලු ආයතන ඒකරාශී කරමින් වැඩ හොද සේවාවක් මහජනයාට සැපයීම අරමුණු කරගනිමින් ''මතු ඔබ සුරැකෙන නොසැලෙන අත්වැල'' නමින් නව මෙහෙවර පියස කාර්යාලයීය සංකීර්ණය ගොඩ නැංවූ බව ඒ මහතා වැඩිදුරටත් උත්සව සභාව අමතමින් ප්‍රකාශ කළේය.

    රට තුල පැනනගින විවිධ සේවක ප්‍රශ්න ද වර්ධනය වන බව සඳහන් කළ විමලවීර මහතා මෙහෙවර පියස පිහිටුමට පෙර විවිධ ස්ථාන වල පිහිටි සමාජ ආරක්ෂාව සම්බන්ධ සියලු ආයතන ඒකරාශී
    කරමින් වැඩ හොද සේවාවක් මහජනයාට සැපයීම අරමුණු කරගනිමින් ''මතු ඔබ සුරැකෙන නොසැලෙන අත්වැල'' නමින් නව මෙහෙවර පියස කාර්යාලයීය සංකීර්ණය ගොඩ නැංවූ බව පැවසූ ඒ මහතා සේවක අර්ථසාධක අරමුදල, සේවක භාරකාර අරමුදල, ශ්‍රී ලංකා මහ බැංකුවේ සේව අර්ථ සාධක අරමුදල් අංශය ස්ථාපිත කරන බවත්, මහජනතාවට අදට වඩා හෙට හොදින් සතුටින් යන ආකාරයට තම සේවාවන් සැකසීමට වාසය පරිපාලන කටයුතු ශක්තිමත් කිරීමට කටයුතු කරන බවට ද වැඩිදුරටත් උත්සව සභාව අමතමින් ප්‍රකාශ කළේය.

    කම්කරු අමාත්‍ය ආර්.පී.ආර් රාජපක්ෂ, අපදා කළමනාකරණ අමාත්‍ය රන්ජිත් මද්දුම බණ්ඩාර,රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ්, ලෝක කම්කරු සංවිධානයේ නේවාසික නියෝජිත සහ ඉන්දීය මහකොමසාරිස් ලේකම් ඇතුළු තවත් ආරාධිත අමුත්තන් රැසක් මේ අවස්ථාවට සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya