අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ කසළ දුම්රිය මඟින් රැගෙන යෑමට හැකිදැයි බලයි

    අගෝස්තු 20, 2019

    කොළඔ කසළ ප්‍රවාහනයට පිළියමක් ලෙසින් ලබන සෙනසුරාදා දිනයේ දී (24) අත්හදා බැලීමක් ලෙස කුණු කසල අඩංගු ලොරි රථ දෙකක් කොළඔ සිට පෙරියනාගවිල් දුම්රිය ස්ථානය දක්වා දුම්රිය මඟින් ප්‍රවාහනය කිරිමට බලාපොරොත්තු වන බව දුම්රිය සාමාන්‍යාධිකාරි නිලන්ත ප්‍රනාන්දු මහනා ඊයේ (19) අරලිය ගහ මන්දිරයේ දි පැවති මාධ්‍ය හමුවේ දී පැවසීය.

    ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමති අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම මාධ්‍ය හමුවේ දි අදහස් දැක් වු දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා පැවසුවේ,මෙය සාර්ථක වුහොත් එය කුණු ප්‍රවාහනය සඳහා යොදා ගැනිමට හැකි බවයි.කෙසේ වුවද,කුණු රැගෙන යාමේ දි පාලම් හා දුම්රිය ස්ථාන හමු වන හෙයින් ඊට බාධාවක් නොවන ආකාරයෙන් ප්‍රවාහනය කිරිමට හැකියාවක් තිබේ දැයි සොයා බලන බව ද සඳහන් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya