අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''ශ්‍රීමත් ඇලික් අලුවිහාරේගම'' සහ ''රන්දදගම '' ජනතා අයිතියට

    අගෝස්තු 19, 2019

    2025 "සැමට සෙවන" උදාගම්මාන 20,000 සංකල්පය යටතේ මාතලේ දිස්ත්‍රික්කයේ ඊරියගොල්ල ඉදිවු 257 " ශ්‍රීමත් ඇලික් අලුවිහාරේගම " සහ මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල - ඇඹුල්අඹේ ඉදි වු 258 වන ආදර්ශ ගම්මානය " රන්දදගම " ජනතා අයිතියට පත් කිරීම නිවාස ඉදිකිරිම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජීත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරේ.

    පවුල් 58 කට නිවාස හිමිකම් ලබාදීම, ජලය හා විදුලිය පහසුකම්, අභ්‍යන්තර මාර්ග පහසුකම්, ප්‍රවේශ මාර්ග සහිතව නව ගම්මානය ජනතා අයිතියට පත් කෙරේ.

    ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සහ නිවාස, ඉදිකිරිම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මීට සමගාමීව තවත් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරයි.
    " ශ්‍රීමත් අලික් අලුවිහාරේගම " ආදර්ශ ගම්මානයේ පවුල් 23 කට නිවාස හිමිකම් ලබාදීම , සංවර්ධිත බිම් කොටස් 23 ක හිමිකම් ලබාදීම ( වටිනාකම රු. ලක්ෂ 69 ) , ප්‍රතිලාභීන් සදහා "විසිරි ණය" චෙක්පත් ප්‍රදානය ( වටිනාකම් රු.ලක්ෂ 48 ), ප්‍රතිලාභීන් සදහා නිවාස ණය/ ආධාර චෙක්පත් ප්‍රදානය , වකුගඩු රෝගීන් සදහා නිවාස ආධාර චෙක්පත් ප්‍රදානය , ප්‍රතිලාභීන් සදහා " සොදුරුපියය" නිවාස ණය ප්‍රදානය ( වටිනාකම රු .ලක්ෂ 26 ),ප්‍රතිලාභීන් සදහා " විරුසුමිතුරු " නිවාස ආධාර චෙක්පත් ප්‍රදානය ( වටිනාකම රු .ලක්ෂ 30 ) , දෘෂ්ඨි ආබාධ සහිතවුවන් සදහා ඇස් කණ්ණාඩි ප්‍රදානය මෙන් ම;
    " රන්දදගම " ⁣පැවැත් විමට නියමිත වැඩසටහන් "රන්දදගම " ආදර්ශ ගම්මානයේ පවුල් 35 කට නිවාස හිමිකම් ලබාදීම , සංවර්ධිත බිම් කොටස් 35 ක හිමිකම් ලබාදීම ( වටිනාකම රු .ලක්ෂ 280 ) , ප්‍රතිලාභීන් සදහා " විසිරි ණය" චෙක්පත් ප්‍රදානය ( වටිනාකම රු .ලක්ෂ 84 ) ප්‍රතිලාභීන් සදහා නිවාස ණය/ ආධාර චෙක්පත් ප්‍රදානය ( වටිනාකම රු .ලක්ෂ 24 ) , වකුගඩු රෝගීන් සදහා නිවාස ආධාර චෙක්පත් ප්‍රදානය , ප්‍රතිලාභීන් සදහා " සොදුරුපියස " නිවාස ණය ප්‍රදානය ( වටිනාකම රු .ලක්ෂ 44 ) , " ශිල්ප සවිය" පුහුණුලාභීන් 53 ක් සදහා ප්‍රතිලාභ ලබාදීම ( වටිනාකම රු .ලක්ෂ 265 ), ප්‍රතිලාභීන් සදහා " විරුසුමිතුරු" නිවාස ආධාර චෙක්පත් ප්‍රදානය ( වටිනාකම රු. ලක්ෂ 33 ), දෘෂ්ඨි ආබාධ සහිතවුවන් සදහා ඇස් කණ්ණාඩි ප්‍රදානය ක්‍රියාත්මක කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya