අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රන්මිතුගම,රණවිරු නීරෝගම ජනතා අයිතියට

    අගෝස්තු 17, 2019

    2025 "සැමට සෙවන" උදාගම්මාන 20,000 සංකල්පය යටතේ පුත්තලම දිස්ත්‍රික්කයේ කරුවලගස්වැව - මුණමල්ගස්වැව ඉදිවු 252 " රන්මිතුගම " විවෘත කිරිම අද (17) සිදු කෙරේ.

     ආණමඩුව - තම්මැන්නාගම ඉදි වු 253 වන ආදර්ශ ගම්මානය " රණවිරු නීරෝගම " ජනතා අයිතියට පත් කිරීම ද නිවාස ඉදිකිරිම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජීත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින සිදු වෙයි.

      " රන්මිතුගම " හා " රණවිරු නීරෝගම " වැඩසටහන සමගාමීව පවුල් 35 කට නිවාස හිමිකම්, ජලය හා විදුලිය පහසුකම, අභ්‍යන්තර මාර්ග පහසුකම්, ප්‍රවේශ මාර්ග ජනතාවට හිමිවනු ඇත.

    ජාතික නිවාස සංවර්ධන අධිකාරිය නිවාස, ඉදිකිරිම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය එදිනට සමගාමිව "රන්මිතුගම" නව ගම්මානයේ සංවිධානය කර ඇති වැඩසටහන වන්නේ ,
    "රන්මිතුගම " ආදර්ශ ගම්මානයේ පවුල් 35 කට නිවාස හිමිකම් ලබාදීම , සංවර්ධිත බිම් කොටස් 35 ක හිමිකම් ලබාදීම( වටිනාකම රු .ලක්ෂ 84), ප්‍රතිලාභීන් සදහා " විසිරි ණය" චෙක්පත් ප්‍රදානය( වටිනාකම රු.ලක්ෂ 70 ), ප්‍රතිලාභීන් 50 ක් සදහා " සොඳුරුපියස" නිවාස ණය" පුදානය( වටිනාකම රු. ලක්ෂ 100 ), ප්‍රතිලාභීන් සදහා " ග්‍රාමශක්ති " නිවාස ආධාර චෙක්පත් ප්‍රදානය කිරීම සිදු කෙරේ.

    ඊට අමතරව රණවිරු නීරෝගම ⁣පැවැත් විමට නියමිත වැඩසටහන් වන්නේ , රණවිරු නීරෝ මාතාව සදහා සෙවණ අරමුදලේ පරිත්‍යාගයෙන් නිවාසක් ප්‍රදානය , " රණවිරු නීරෝගම " ආදර්ශ ගම්මානයේ පවුල් 36 කට නිවාස හිමිකම ලබාදීම , සංවර්ධිත බිම් කොටස් 36ක හිමිකම ලබාදීම ( වටිනාකම රු. ලක්ෂ 270 ) , ප්‍රතිලාභීන් සදහා " විසිරි ණය " චෙක්පත් ප්‍රදානය ( වටිනාකම රු .ලක්ෂ 70 ) , ප්‍රතිලාභීන් 50 ක් සදහා " සොඳුරුපියස" නිවාස ණය ප්‍රදානය ( වටිනාකම රු .ලක්ෂ 100 ) , ප්‍රතිලාභීන් සදහා " ග්‍රාමශක්ති" නිවාස ආධාර චෙක්පත් ප්‍රදානය ආදී වැඩසටහන් මීට සමගාමිව ක්‍රියාත්මක වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya