අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගැලපෙන ආරක්ෂක වැඩපිළිවෙලක් සකස් කරමින් සිටිනවා

    අගෝස්තු 16, 2019

    ඉදිරියේදි මුහුණ දීමට ඇති සතුරා පිළිබඳව විශාල අධ්‍යයනයක් සිදුකර,ඊට ගැළපෙන පරිදි අවශ්‍ය ආරක්ෂක වැඩපිළිවෙලක් සකස් කරමින් සිටින බව යුදහමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.

    ඒ මහතා මේ බව පැවසුවේ (15)දින මහනුවර පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිණි.

    සංවිධානාත්මකව ජාත්‍යන්තර ජාලයක් තුළ ක්‍රියාත්මක වන කණ්ඩායමක් සිටින අවස්ථාවක අත්අඩංගුවට ගැනිම් අද පමණක් නොව හෙට ද සිදුවිය හැකිය. මෙවැනි සංවිධානාත්මක ජාලයක් සම්පුර්ණයෙන්ම මර්දනය කළ රටක් ලෝකයේ කොතැනක හෝ නොමැති බව ඔහු පෙන්වා දුන් ඒ මහතා, ජාතික ආරක්ෂාව පිළිබඳව කිසිදු ගැටඵවක් නැතැයි ද වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

    සතුරාගේ ස්වභාවය වෙනස් වී තිබුණත් ඒ සදහා මුහුණදිමට හමුදාවේ ශක්තිය ඉහළ නංවා තිබෙන බවත් පාස්කු ප්‍රහාරයෙන් පසු කෙටි කාලයකදි ත්‍රස්තවාදි කටයුතු පාලනය කිරිමට ශ්‍රි ලංකා යුද හමුදාවද පෙරමුණ ගෙන ක්‍රියා කළ බවත් පැවසූ ඒ මහතා, ඉදිරියේදි බිහිවන සතුරා යුද භූමියක නොව ජනතාව අතරින් මතුවන සතුරෙකු විය හැකි යැයිද පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya