අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උණ රෝග සදහා ඇස්ප්‍රීන් භාවිතයෙන් වළකින්න- සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

    අගෝස්තු 13, 2019

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා නිකුත් කර ඇති විශේෂ නිවේදනයට අනූව උණ රෝග සදහා ඇස්ප්‍රීන් ඇතුළු ප්‍රති ආසාත්මික වේදනා නාශක ඖෂධ භාවිතයෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    අද වන විට ඇතැම් දිස්ත්‍රික්ක වල ඩෙංගු රෝගය වාර්තා වීමේ පහළ යාමක් පෙන්නුම් කරන අතර සක්‍රීයව පවතින නිරිතදිග මෝසම් වර්ෂා තත්ත්වයත් සමග දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක ඩෙංගු රෝගීන් වාර්තා වීමේ ඉහල යාමක් පෙන්නුම් කරයි. විශේෂයෙන්ම කොළඹ, ගම්පහ, කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක වලින් ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වෙයි.

     

    ඩෙංගු රෝගීන් ඇස්ප්‍රීන්, ඉබුප්‍රොෆේන්, ඩයික්ලෝෆිනැක් සෝඩියම් සහ මෙෆනමික් ඇසිඩ් වැනි ප්‍රති ආසාත්මික වේදනා නාශක ඖෂධ හෝ ස්ටිරෝයිඩ් ගණයට අයත් ප්‍රෙඩ්නිසිලෝන්, ඩෙක්සාමෙතසෝන් යන ඖෂධ භාවිතා නොකළ යුතුය. එබැවින් උණ රෝගී තත්ත්වයකින් පෙළෙන රෝගියෙකුට ඉහත දැක්වෙන ඖෂධ ලබාදීමෙන් වෛද්‍යවරුන් වැළකී සිටිය යුතු අතර, රෝගීන්ද තමාට
     ඖෂධ පිළිබදව සැළකිලිමත් විය යුතුය.

    පසුගිය දින වල මෙම ඖෂධ භාවිතා කල රෝගීන්ගේ රෝග උත්සන්න වීම් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වූ අතර උණ තත්ත්වයන්ට ඉහත ඖෂධ භාවිතා කිරීමේදී රෝගියා ඩෙංගු රෝගියෙකු නම් රෝගය උත්සන්න වීම මාරාන්තික වීමටද හැකිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya