අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධිකරණ ඇමති සහ සිංගප්පුරුවේ සමාජ හා පවුල් සංවර්ධන ඇමති අතර හමුවක්

    අගෝස්තු 10, 2019

    .එක්සත් ජාතීන්ගේ අන්තර් ජාතික සම්මුතියක් වන අන්තර්ජාතික සමථකරණය මඟින් එකගත්වයට පත්වීම පිළිබඳව වු ගිවිසුමට අත්සන් කිරීමට සිංගප්පුරුවට ගොස් සිටින අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය සිංගප්පුරුවේ සමාජ හා පවුල් සංවර්ධන අමාත්‍යDesmond Lee (Minister of Social and Family Development ) මහතා අතර හමුවක් සිදු විය.

    ශ්‍රී ලංකාව හා සිංගප්පුරුව අතර පවතින වෙළද සංස්කෘතික හා අධිකරණමය සහයෝගිතාවය වැඩි දියුණු කිරීම පිළිබඳව එහිදී අදහස් හුවමාරු කර ගෙන තිබේ.

    සමථකරණය පිළිබදව අත්සන් කරන ලද නව ගිවිසුම තුළින් ශ්‍රී ලංකාවට අන්තර් ජාතික වෙළදාම ප්‍රවර්ධනය කිරීමටත් එමගින් එම වෙළදාම්හි ඇති වන ආරවුල් සමථකරණය මගින් විසදීමටත් එමෙන්ම යුක්තිය සඳහා ප්‍රවේශය ශක්තිමත් කිරීමටත් ගෝලීය වාණිජ ක්‍රමය වඩාත් ශක්තිමත් නීති මත පදනම් වු ක්‍රමවේදයක් තුළ තිරසාර සංවර්ධනය වඩාත් ක්‍රමවත්ව ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබෙන බව මෙහිදී අමාත්‍යවරිය අවධාරණය කර තිබේ.

    එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙලඳ  නීතිය පිළිබද කොමිසම (UNCITRAL) හා සිංගප්පුවේ නීති කටයුතු අමාත්‍යාංශය විසින් මෙම සමුළුව සංවිධානය කර තිබු අතර සමුළුව 2019.08.6 සහ 7 යන දෙ‍දින තුළ පැවැත්විණි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya