අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු නැගෙනහිර පුනරුත්ථාපනය වු තරුණ තරුණියන් 12000 සඳහා වෘත්තීය පුහුණුව හා මාර්ගෝපදේශනය ලබා දිය යුතුයි - අමාත්‍ය රිෂාඩ් බිදියුදීන්

    අගෝස්තු 10, 2019

    උතුරු හා නැගෙනහිර පළාත්වල පුනරුත්ථාපනය වු තරුණ තරුණියන් සඳහා විදිමත් වෘත්තීමය රැකියා ලබා ගැනීම සඳහා ඔවුන්ට වෘත්තීය පාඨමාලා හැදෑරිය හැකි පහසු ක්‍රමවේද සොයා බලා කටයුතු කරන ලෙස කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන් අවතැන්වු පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

    අමාත්‍යවරයා එසේ පැවැසූයේ වෘත්තීය පාඨමාලා සහ පුහුණු ආයතනයන්හි ප්‍රධානීන්ගේ රැස්වීමක් (08) දින අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවති අවස්ථාවේදීය.


    එහිදී අමාත්‍යවරයා මේසේද පැවසීය,
    උතුරු හා නැගෙනහිර පළාත්වල පුනරුත්ථාපනයවු තරුණ තරුණියන් 12000 ක් පමණ සිටිනවා. ඔවුන් සමාජගතවෙලා යහපත් ජීවිතයක් බලාපොරොත්තුවෙන් ඉන්නේ. ඔවුන්ගේ අධ්‍යාපන මට්ටම හා හැකියාවන් කුසලතාවයන් පිළිබඳව නිසි අධ්‍යනයක් කළ යුතුයි. ඔවුන්ට වෘත්තීමය ගරුත්වයක් ලබා දිය යුතුයි. රැකියාවකට පිවිසීමේදී ඔවුන්ද අනෙක් තරුණ තරුණියන් මෙන් තරඟකාරී රැකියා සඳහා යොමුවිය යුතුයි.

    උතුරු හා නැගෙනහිර සංවර්ධනයේදී ඔවුන්ගේ දායකත්වය ඉතා වැදගත්. ඒ නිසාම අපි දැනට සකස්කර තිබෙන පාඨමාලා ඔවුන්ට සංකීර්ණවිය හැකියි. ඔවුන්ටත් පහසුවෙන් ඔවුන් කැමති පාඨමාලා ඉගෙනීමට අවශ්‍ය පරිසරය විදිමත්ව සකස්කළ යුතුයි. ඒ සදහා පාඨමාලා සංශෝධනය කර ඔවුන්ට පහසු ලෙස මේ පාඨමාලා ඒ ඒ ප්‍රදේශයන්හි පැවැත්වීමට කටයුතු කළ යුතුයි. ඒ සදහා අමාත්‍යාංශයේ සියලුම ආයතන එකතුව, පුද්ගලික අංශයේද සහය ලබාගෙන විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලෙස මා ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටිනවා.


    ඒ සදහා කෙටි කාලීන් පාඨමාලා, එක්දින පුහුණු වැඩසටහන් වැනි ඔවුන්ට සහභාගිවිය හැකි ප්‍රායෝගික ක්‍රමවේදයක් සකස්කල යුතුයි. ඒ සදහා අවශ්‍ය යටිතල පහසුකම් සියල්ල අමාත්‍යාංශය මගින් ලබාදිය හැකි යැයිද අමාත්‍යවරයා පැවසීය.


    මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම්,රංජිත් අශෝක මහතා ඇතුලු ආයතන සභාපති වරුන් ඇතුලු නිළධාරීන් රැසක්
    සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya