අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති කාම්බෝජයේ දී බෞද්ධාගමික වැඩසටහන් කිහිපයකට එක්වෙයි

    අගෝස්තු 10, 2019

    ථෙරවාදි බුදු දහමින් පෝෂිත රටවල් ලෙස කාම්බෝජය සහ ශ්‍රී ලංකාව අතර බෞද්ධාගමික සබඳතා තවදුරටත් පු`ථල් කර ගැනීමේ අරමුණින් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා  (09) කාම්බෝජයේ දී වැඩසටහන් කිහිපයකට එක් විය. 


    තායිලන්ත - කාම්බෝජ දේශසීමාව ආශ්‍රිතව පවතින කාම්බෝජයේ බෞද්ධාගමික අභිමානය ලෙස සැලකෙන සහ යුනෙස්කෝ ලෝක උරුමයක් ද වන  අන්කෝර් (Angkor)   පූජනීය නගරයේ  සංචාරයකට ජනාධිපතිතුමා අද එක් වූ අතර කාම්බෝජ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ රාජ මාලිගයේ ඇමති Samdech  Chaufea Veang kong Som Ol  මහතා ද ජනාධිපතිතුමා සමග ඊට එක්ව සිටියේ ය. 

    Siem Reap  ගුවන් තොටුපළ වෙත පැමිණි ජනාධිපතිතුමා ඇතු`ථ පිරිස Siem Reap ප්‍රදේශයේ ආණ්ඩුකාර ඔැ් ීැසය් මහතා ඇතු`ථ නිලධාරින් විසින් මහත් හරසරින් පිළිගන්නා ලදී.

    පුරාණ කාම්බෝජ වාස්තු විද්‍යා සම්ප්‍රදායට අයත් විශිෂ්ටතම නිර්මාණයක් වන අන්කෝර් වට්  (Angkor Wat) විහාරස්ථානයේ පළමුව ජනාධිපතිතුමා නිරික්ෂණ චාරිකාවකට එක් විය.

    හෙක්ටයාර් 170ක භූමි භාගයක ඉදිකර ඇති මෙම විහාරස්ථානය 12 වන සියවසේ දී කාම්බෝජ සූර්යවර්මන් රජු විසින් කරවන ලද අතර  ලොව විශාලතම සිද්ධස්ථානය ලෙස සැලකේ.

    අනතුරුව අන්කෝර් නගරයේ පිහිටි Bayon විහාරස්ථානයේ ද ජනාධිපතිතුමා සංචාරයකට එක් විය. 

    ශ්‍රී ලංකාව සහ කාම්බෝජය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වයේ පදනම වන්නේ බුදු දහමයි. ථෙරවාදි බුදු දහම රැක ගනිමින් එය සුරක්ෂිත කිරීම වෙනුවෙන් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගෙන යන වැඩපිළිවෙළට මෙම විහාරස්ථ ස්වාමින් වහන්සේලාගේ සහය පළවීම ද විශේෂත්වයකි. 

    බෞද්ධාගමික වශයෙන් මෙන් ම කෘෂිකර්මික වශයෙන් ද ශ්‍රී ලංකාව සහ කාම්බෝජය අතර අතීතයේ පටන් සමීප සබඳතා පවතින අතර අන්කෝර් හි පිහිටි 
    Artisan D angkor මධ්‍යස්ථානය සහ අත්කම් ප්‍රදර්ශන හා වෘත්තීය පුහුණු ආයතනය නිරික්ෂණ කිරීමට ද ඉන් අනතුරුව ජනාධිපතිතුමා එක් විය. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya