අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදුහල්පති උසස්වීම් සඳහා පුහුණු පාඨමාලාවක්

    අගෝස්තු 08, 2019

    පාසල් නායකත්වය සඳහා විදුහල්පතිවරුන්ට ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවක් ලබා දී ශ්‍රී ලංකාවේ විදුහල්පති භූමිකාවේ විප්ලවීය වෙනසක් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

    ශ්‍රී ලංකා විදුහල්පති සේවා ව්‍යවස්ථාව අනුව 111 පන්තියේ සිට 1 පන්තිය දක්වා උසස්වීම් සඳහා අවශ්‍යතා සපුරා ගැනීමේ ධාරිතා සංවර්ධන පාඨමාලාව වශයෙන් විදුහල්පතිවරුන් වෙනුවෙන් මාසික සේවාස්ථ පුහුණු පාඨමාලාවක් දැන් පැවැත්වේ.

    අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් පරිදි මෙරට පාසල් පද්ධතියට පළමු වරට පාසල් නායකත්වය හා කළමනාකරණය සඳහා වූ ජාතික නිපුණතා රාමුවක් හඳුන්වා දී ඇත. ඒ අනුව විදුහල්පති සේවයේ 111 පන්තියේ විදුහල්පතිවරුන් දහසක් (1,000) ක් මේ වර්ෂයේ දී පුහුණු කෙරේ.ඇතැම් පාසල්වල සිදුවන මුල්‍ය වංචා, පරිපාලන ගැටලු, පාසලේ දී සිසුන් මුහුණ පාන හදිසි අනතුරු ඇතුලු වරින්වර නැඟෙන චෝදනා සම්බන්ධයෙන් තෝරාගත් විදුහල් දහයක සිදු කරන ලද ඇගයීම් වැඩසටහනේ දී මෙවැනි පුහුණුවක අවශ්‍යතාව අවධාරණය වී තිබේ.

    ඇගයීම පදනම් කර ගෙන අධ්‍යාපන ආංශික සංවර්ධන රාමු වැඩසටහන යටතේ රුපියල් මිලියන 41 ක් වැය කරමින් මේ විශේෂ වැඩසටහන ක්‍රියාත්මකය. ගුණාත්මක පාසල් පාලනය, ධනාත්මක පාසල් පරිපාලනය, සඵලදායී පාසල් කළමනාකරණය හා ගුණාත්මක ඉගෙනුම් ඵල යන නිපුණතා හතර පදනම් කර ගෙන නිපුණතා ප්‍රමිති හැට හතරක් සම්බන්ධයෙන් මෙම වැඩසටහනේ දී විශේෂඥ දැනුමක් විදුහල්පතිවරුන් ට ලබා දෙයි. පළාත් නවයෙහි ම 111 පන්තියේ විදුහල්පතින් 3,823 දෙනාට ම 2021 වර්ෂයට පෙර මෙම පුහුණු සහතික ලබාදීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශයේ මානව සම්පත් සංවර්ධන ශාඛාව පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya