අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අන්තර්ජාතික සමථකරණය මඟින් එකගත්වයට පත්වීම පිළිබඳව වු ගිවිසුමට ශ්‍රී ලංකාව අත්සන් තබයි

    අගෝස්තු 08, 2019

    එක්සත් ජාතීන්ගේ අන්තර් ජාතික සම්මුතියක් වන අන්තර්ජාතික සමථකරණය මඟින් එකගත්වයට පත්වීම පිළිබඳව වු ගිවිසුමට ශ්‍රී ලංකාව වෙනුවෙන් අධිකරණ ඇමති අත්සන් කරයි.

    එක්සත් ජාතීන්ගේ අන්තර් ජාතික සම්මුතියක් වන අන්තර්ජාතික සමථකරණය මඟින් එකගත්වයට පත්වීම පිළිබඳව වු ගිවිසුමට ශ්‍රී ලංකාව වෙනුවෙන් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය   ( 07) වන දින සිංගප්පුරුවේදී ෂැන්ග්‍රිල්ලා හෝටලයේදී පැවති සමුළුවේදී අත්සන් කළ බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසයි.

    මැදිහත්වීම පිළිබඳව සිංගප්පුරු සම්මුතිය යනුවෙන් මෙම සමුළුව නම් කර තිබේ.

    සමථකරණය පිළිබඳවශ්‍රී ලංකාව  අන්තර්ජාතික වශයෙන් පිළිගත් ක්‍රමවේදයක් සහිත රටක් වන අතර සමථකරණයන්හි බලාත්මක භාවය අන්තර්ජාතික පිළිගැනීම පිළිබඳව ඇතිව තිබු අවිශ්වාස සහගත බව දුරු කිරීමට මෙම ගිවිසුම මගින් හැකියාව ලැබේ.

    මේ ගිවිසුම අත්සන් කිරීමත් සමඟ රටවල් දෙකක් අතර ඇති වන වාණිජ ගිවිසුම්වලදී ඇති වු ආරවුල් සමථකරණය හරහා විසදා ගැනීමටත් එය අධිකරණ ක්‍රියාමාර්ගයක් තුළින් බලාත්මක කර ගැනීමටත් මෙම සම්මුතිය මගින් ඉඩ සලසනු ලැබේ.

    2018 දෙසැම්බර් මස එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් මෙකී සම්මුතිය පිළි ගන්නා ලද අතර එම සම්මුතියට පාර්ශ්වකරුවන් වශයෙන් එළඹීම සඳහා අත්සන් කිරීමට රටවල් වලට ඉඩ සැලැස්වෙන පරිදි ගිවිසුම අත්සන් කර තිබේ.

    මෙකී සම්මුතිය මඟින් අන්තර් ජාතික වෙළදාම ප්‍රවර්ධනය කිරීමටත් එමගින් එම වෙළදාම්හි ඇති වන ආරවුල් සමථකරණය මගින් විසදීමටත් එමෙන්ම යුක්තිය සඳහා ප්‍රවේශය ශක්තිමත් කිරීමටත් ගෝලීය වාණිජ ක්‍රමය වඩාත් ශක්තිමත් නීති මත පදනම් වු ක්‍රමවේදයක් තුළ තිරසාර සංවර්ධනය වඩාත් ක්‍රමවත්ව ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබේ.

    මෙම සම්මුතියට පාර්ශ්වකරුවන්  වන රටවල් විසින් වෙනත් රටවල් සමඟ ඇති වන වාණිජ ආරවුල් අන්තර්ජාතික පිළිගැනීමක් සහිත ක්‍රමවේදයක් තුළ සමථකරණය මඟින් විසඳා ගැනීමට අපේක්ෂා කරයි.

    සමථකරණය ආරවුල් විසඳිම සඳහා ඉතා වැදගත් ක්‍රමවේදයක් වන අතර එය අධිකරණ ක්‍රියාදාමයෙන් පරිබාහිරව ආරවුලට මැදිහත්ව සිටින පාර්ශ්වයන් විසින් එකඟත්වයක් ඇති වීම මත සිදු කරනු ලබන කාර්යයකි.

    මෙම අන්තර්ජාතික ගිවිසුමට අත්සන් කිරිමත් සමඟ ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාර කටයුතු සිදු කිරීම සඳහා විදේශීය ආයෝජකයින් වැඩි වශයෙන් යොමු වන අතර  ඒ තුළින් මෙරට ආර්ථිකයට ද විශාල ශක්තියක් ලැබේ.

    මෙම ගිවිසුම මගින් ජාත්‍යන්තර වෙළඳ හා වාණිජ අංශයන්ට ප්‍රතිලාභ ලැබෙන අතර සමථ සම්මුතිය මගින් ජාත්‍යන්තර ආරවුල් විසදීමේ රාමුව ශක්තිමත් වන අතර ව්‍යාපාරවල වැඩි නිශ්චිතභාවයක් ඇති වෙයි.ජාත්‍යන්තර වෙළද කටයුතු සදහා පහසුකම් සැලසෙනු ඇත .

    එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙලඳ  නීතිය පිළිබද කොමිසම (UNCITRAL) හා සිංගප්පුවේ නීති කටයුතු අමාත්‍යාංශය විසින් මෙම සමුළුව සංවිධානය කර තිබු අතර සමුළුව  6   සහ 7   යන දෙ‍දින තුළ පැවැත්විණි.

    සිංගප්පුරු අග්‍රාමාත්‍ය LEE HSIEN LOONG ,එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නීති කටයුතු පිළිබඳව සහකාර ලේකම් STEPHEN MATHIAS, සිංගප්පුරුවේ නීති කටයුතු අමාත්‍ය K.Shanmugam යන මහත්වරුන් ඇතුළු රටවල් 67 ක් නියෝජනය කරමින් අමාත්‍යවරුන් හා රාජ්‍ය තාන්ත්‍රිකයින් මෙම අවස්ථාව සඳහා සහභාගි විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya