මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අර්ධ රාජ්‍ය සේවකයින්ට රුපියල් 2500ක දීමනාවක් ලබාදීම- ගත හැකි පියවර සම්බන්ධයෙන් දැනුවත් කිරීමට කටයුතු කරන ලෙස මුදල් අමාත්‍යවරයාට දැනුම් දෙන්නම්- අග්‍රාමාත්‍ය

    අගෝස්තු 07, 2019

    අර්ධ රාජ්‍ය සේවකයින්ට රුපියල් 2500ක අන්තර්කාලීන දීමනාවක් ලබාදීම සම්බන්ධයෙන් මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා කළ යෝජනාව සම්බන්ධයෙන් අධ්‍යයනය කර ඒ සම්බන්ධයෙන් ගත හැකි පියවර සම්බන්ධයෙන් දැනුවත් කිරීමට කටයුතු කරන ලෙස මුදල් අමාත්‍යවරයාට දැනුම් දෙන බව අග්‍රාමාත්‍ය රනිල්  වික්‍රමසිංහ මහතා අද (7) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    රාජ්‍ය සේවකයින්ට 2019 ජූලි මස 01 දින සිට අන්තර් කාලීනව රුපියල් 2500ක දීමනාවක් ලබාදීම පිළිබඳ  යෝජනාව අයවැයට ඇතුළත් විය. මෙම අන්තර් කාලීන දීමනාව ලබාදී ඇත්තේ දෙපාර්තමේන්තු රාජ්‍ය  සේවකයින්ට පමණි. අර්ධ රාජ්‍ය සේවකයින්ට මෙම දීමනාව ලබාදී නැත. එයින් මෙම සේවකයින්ට  අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරකුමාර දිසානායක මහතා අග්‍රාමාත්‍යවරයාගෙන් විමසූ පැනයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසීය.

     

    රාජ්‍ය සේවකයින්ගේ වැටුප් විෂමතා සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපතිතුම විසින් පත් කළ විශේෂ  වැටුප් කොමිෂමේ නිර්දේශවලට අනුව එම නිර්දේශ සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන තෙක් 2019 ජූලි මස 01  දින සිට රජයේ සේවකයින්ට රුපියල් 2500ක අන්තර් දීමනාවක් ගෙවීමට රජය කටයුතු කර තිබෙනවා.

    රාජ්‍ය නිලධාරීන්ට තිබෙන්නේ පොදු වැටුප් ව්‍යුහයක්.වැටුප් වැඩිවීම ලබාදීමේ දී එම වැටුප් ලබාදෙන්නේ එම  පොදු ප්‍රතිපත්තිය අනුවයි.මීට අමතරව අර්ධ රාජ්‍ය අංශය ලෙස සැලකෙන රාජ්‍ය ව්‍යාපර,රජයේ සංස්ථා ,මණ්ඩල  අනෙකුත් ව්‍යවස්ථාපිත ආයතන, සඳහා වැටුප් ව්‍යුහය සකස් වී තිබෙන්නේ ඒ ආයතනවල තිබෙන තනතුරුවල ස්වභාවය හා ඒ ආයතන විසින් සිදු කරන කාර්යභාරය අනුවයි.

    සාමාන්‍ය රාජ්‍ය සේවකයින්ට වඩා වැඩි වැටුප් ගෙවනවා.සාමාන්‍ය රජයේ සේවකයින්ට ලබාදෙන යම් වැටුප් වැඩි වීමක් අර්ධ රාජ්‍ය සේවකයින්ට එලෙස ලබාදීමට හැකියාවක් නෑ.එලෙස ලබාදිය හැක්කේ දැනට පවත්නා  ක්‍රමවේද අනුව පමණයි.රජ්‍ය සේවයෙන් වැටුප් ව්‍යුහයේ විෂමතවයක් ඇති නොවන අයුරින් පවත්වාගෙන යා  යුතුයි. ඒ නිසා යෝජනාව සම්බන්ධයෙන් අධ්‍යයනය කර ඒ සම්බන්ධයෙන් ගත හැකි පියවර සම්බන්ධයෙන්  දැනුවත් කිරීමට කටයුතු කරන ලෙස මුදල් අමාත්‍යවරයාට දැනුම් දෙන්නම් යැයි අග්‍රාමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya