අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අගෝස්තු 15 සහ 16 යන දෙදින ගම්පහ දිස්ත්‍රික්කයේ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

    අගෝස්තු 07, 2019

    නිරිතදිග මෝසම් තත්ත්වයත් සමඟ ජූලි මාසයේ හිස එසවූ ඩෙංගු රෝගය පසුගිය සති දෙකක කාලය තුළදී ක්‍රමයෙන් අඩුවීමක් පෙන්නුම් කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ අරුණ ජයසේකර මහතා ප්‍රකාශ කර සිටියි.

    වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 35896ක් වාර්තා වී ඇති අතර කොළඹ, ගම්පහ, කලුතර ආදී ප්‍රදේශවලත් දකුණු පළාතේ පසුගිය කාලයේ ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා විය.


    මේ වන විට බස්නාහිර පළාතේ වැඩිවෙමින් පැවති ඩෙංගු රෝගයේ කිසියම් අඩුවීමක් වාර්තා වෙයි. ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් මෙම ඩෙංගු රෝගය ව්‍යාප්ත වන ප්‍රදේශ වල සති දෙකකට වරක් නිවාස, කාර්යාල සහ වීදි මට්ටමෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වමින් දුම්ගැසීමේ කටයුතුද සිදුකරයි. අනෙකුත් ප්‍රදේශ වලට සාපේක්ෂව ගම්පහ දිස්ත්‍රික්කයේ තවමත් ඩෙංගු රෝගයේ වැඩිවීමක් පවතින බැවින් ඩෙංගු මර්දන ඒකකය, ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය
    නිලධාරීන් සමග එක්ව විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් අගෝස්තු 15 සහ 16 යන දෙදින ගම්පහ දිස්ත්‍රික්කයේ කටාන ප්‍රදේශයේ නිවාස මට්ටමෙන් සිදුකිරීමට නියමිතය.


    ඩෙංගු රෝගය තුරන් කිරීම සදහා තමන් සිටිනා පරිශ්‍රය පිරිසිදුව තබාගන්නා ලෙසත්, තමා සිටින පරිසරයෙහි ජලය රැස්වන ස්ථාන සහ වැහිපීළි ඇත්නම් ඒ පිළිබදව සැලකිලිමත්වී එම ස්ථාන පිරිසිදුව තබාගන්නා ලෙසත් ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ අරුණ ජයසේකර මහතා විශේෂයෙන් ජනතාවගෙන් ඉල්ලා සිටියි. එමෙන්ම උණ ඇත්නම් වහාම වෛද්‍යවරයෙකු හමුවී ඩෙංගු පරීක්ෂාවන් කරවා නිසි ප්‍රතිකාර වෙත යොමු වන ලෙසත්, උණ අඩුකරගැනීම සදහා පැරසිටමෝල් ඖෂධ පමණක් නියමිත මාත්‍රාවෙන් භාවිතා කරන ලෙසත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya