අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇසල පෙරහැරේ පළමු කුඹල් පෙරහැර අද-මහජන ආරක්ෂාවට විශේෂ වැඩපිළිවෙලක්-මහජන සෞඛ්‍ය ගැනත් අවධානය

    අගෝස්තු 05, 2019

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද (5) වීදි සංචාරය කිරීමට නියමිතය.

    අගෝස්තු 02 වන දින කප් සිටුවීමෙන් ඇරඹි මහනුවර ඇසල පෙරහැර මංගල්‍යයේ නවතම තතු පිළිබදව රජයේ නිල පුවත් වෙබ් අඩවියට අදහස් දක්වමින් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා කියා සිටියේ අද සවස් යාමයේ පළමු කුඹල් පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිත බවයි.


    ඒ අනූව අපරභාග 06.01 ට දකුණු දිශාභිමුඛව දේවාලයන්ගෙන් පෙරහැර පිටත්ව, සිරිත් පරිදි ශ්‍රී දන්ත ධාතු මන්දිරය ඉදිරිපිටට පැමිණ රාත්‍රී 07.02 ට දකුණු දිශාභිමුඛව පෙරහැර දළදා වීදිය, ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ පන්සල පාරේ
    ඉහළට පැමිණ, දේවවීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය, රජවීදිය ඔස්සේ ඉහළට විත් ගෙවදීමට නියමිතය.


    මෙම පෙරහැර උඩරට නර්තන ශිල්පීන්ගෙන්, නැටුම් කණ්ඩායම් වලින් සහ අලි ඇතුන්ගෙන් විචිත්‍රවත් වන අතර මෙම පෙරහැරේ සුවිශේෂීත්වයක් වනුයේ වෙනදා පරිදිම සාමාන්‍ය මහජනතාව කුඩා බිළින්දන්ද රැගෙන මෙවරද කුඹල් පෙරහැර නැරඹීම සදහා පැමිණ සිටීමයි. මෙය චාරිත්‍රයක් ලෙස සලකමින් ඔවුන් සිය බිළිදන්ට ආශිර්වාද ලබාගැනීම සදහා මෙලෙස සහභාගී වෙයි. කුඹල් පෙරහැර නැරඹීමට පැමිණෙන සුවිශාල මහජනතාවට ප්‍රමාණවත් වන පරිදි මාර්ග සකස් කර ඇති අතර ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පොලීසියේ සහ ත්‍රිවිධ හමුදාවේ පිරිස් බලයද වැඩිකර ඇත.


    ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියේ පෙරහැර නැරඹීමට පැමිණෙන ජනතාවගේ ආහාර සෞඛ්‍ය, සනීපාරක්ෂාව, වැසිකිලි කැසිකිළි පහසුකම් හා පානීය ජල පහසුකම්
    සම්බන්ධයෙන් මෙවර විශේෂ අවධානයක් යොමුකර ඇති අතර ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට අද දින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු දස දෙනෙකු සේවයේ යොදවා ඇති බවයි. එමෙන්ම මහජන සෞඛ්‍ය සම්බන්ධයෙන් ජනතාවට කිසියම් පැමිණිල්ලක් වේ නම් ඒ සම්බන්ධව පැමිණිලි කිරීම සදහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් නගරසභා කාර්යාලයේ රැදී සිටින බවයි.

     

    asala perahara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya