අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර දිස්ත්‍රික්කයේ උපාධිධාරී අභ්‍යාසලාභීන් 680ක් රාජ්‍ය සේවයට

    අගෝස්තු 01, 2019

    මහනුවර දිස්ත්‍රික්කයේ උපාධිධාරී අභ්‍යාසලාභීන් 680 කට පත්වීම් ප්‍රදානය කෙරේ.

    උපාධිධාරී අභ්‍යාසලාභීන් 16,800 කට වසරක පුහුණු කාලයක් සදහා රජයට බදවා ගැනීමේ වැඩසටහන යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ පදිංචි උපාධිධාරී අභ්‍යාසලාභීන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම 2019.08.04 වැනි දින පෙ.ව. 9.30 ට මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී පැවැත්වීමට නියමිතය. රාජ්‍ය ව්‍යවසාය කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවයේදී මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 20 සදහා පත්වීම් 680 ක් ලබාදීමට කටයුතු යොදා තිබේ.
    මහනුවර දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයන් රැසක් සහභාගී වන මෙම අවස්ථාව සංවිධානය කරන්නේ මහනුවර දිස්ත්‍රික් ලේකම් තිස්ස කරුණාරත්න මහතා ඇතුළු එම කාර්යාලයයි.

    DMU/Kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya