අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ අධ්‍යාපන පද්ධතියේ සංවර්ධනය වෙනුවෙන් විද්වත් පාර්ශව ලබාදෙන යෝජනා වැදගත්- අධ්‍යාපන අමාත්‍ය

    ජූලි 31, 2019

    නූතණ තාක්ෂණයත් සමඟ ඉදිරියට යන ගමනේ දී අපේ කමින් පිරි මිනිසුන් බිහි කළ යුතු අතර ඒ සඳහා පොත පත පරිශීලනය කිරීම අත්‍යවශ්‍ය බව ඊයේ (30) කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

    රටේ අධ්‍යාපන පද්ධතියේ සංවර්ධනය වෙනුවෙන් විද්වත් පාර්ශව විසින් ලබාදෙන යෝජනා බෙහෙවින් වැදගත් වන බවත්, රටේ අනාගත පරපුර අධ්‍යාපනය තුළින් හැඩගැස්වීම වෙනුවෙන් අලුතින් සිතන, වෙනස් ව සිතන, බොහෝ දෙනෙක් සිටින බවත් පැවසූ අමාත්‍යවරයා එවැනි අදහස් හා යෝජනා ඇත්නම් හැකි ඉක්මණින් ලබා දෙන්නැයි තමා වියතුන් වෙත ඇරයුම් කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ තවත් එක් ව්‍යාපෘතියක් වන සම්භාව්‍ය කෘති සංස්කරණය කොට ප්‍රකාශයට පත් කිරීමේ ව්‍යපෘතිය යටතේ කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශය හා එක්ව සංස්කරණය කර ප්‍රකාශිත ''බුත්සරණ'' ග්‍රන්ථය ජනගත කිරීමේ උත්සවයට එක් වෙමිණි.

    මෙහි දී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා කියා සිටියේ,

    රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් සිදුකරන ආයෝජනයක් ලෙස සලකා, වැයවන වියදම ගැන නොසිතා කළ යුතු වෙනස්කම් අධ්‍යාපන පද්ධතිය තුළ සිදුකරන්නට නොපැකිළි ඉදිරිපත්වන බව ද අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේය.

    පොතපතට දරුවන් වැඩි වැඩියෙන් ඇබ්බැහි කරමින් කියවීමට දිරිගැන්වීම වෙනුවෙන් කළන මිතුරු-පොත් සුමිතුරු නමින් කියවීම් ප්‍රවර්ධන වැඩසටහනක් පාසල් දරුවන් වෙත හඳුන්වා දුන් බව ද, මේ වෙනුවෙන් රුපියල් මිලියන 700ක් ‍පාසල් පුස්තකාල පොත් මිළ දී ගැනීම සඳහා ලබාදුන් බව ද, වැඩියෙන් ම පොත් කියවන දරුවන් 1000ක් මේ වසරේ දී ඒ අනුව ඇගයීමට ලක් කරන බවද, ඒ අතරින් විශිෂ්ටයින් 100ක් තෝරාගෙන ඔවුන්ට චීන අධ්‍යයන සංචාරයකට අවස්ථාව සලසා දීමට කටයුතු යොදා ඇති බව ද අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කළේ ය.

    “මේ කටයුත්ත අනාගතයට පැරණි වටිනා ග්‍රන්ථ දායාද කිරීමක් ලෙසයි අපි දකින්නෙ. මහා වංශය, ඇතුළු තවත් ග්‍රන්ථ ගණනාවක් ම මේ ආයතනය විසින් සංස්කරණය කරල පැවරුවා. මම නම් බලාපොරොත්තු වෙන්නෙ මෙතැනින් නවතින්න හොඳ නෑ. තවත් කොතෙකුත් ඇති මෙවැනි කෘති. සිංහල කෘති දෙමළ භාෂාවටත් දෙමළ කෘති සිංහල භාෂාවටත්, පරිවර්තනය කරමු කියල මම අපේ පුස්තකාල මණ්ඩලේ සභාපතිතුමාට කිව්වා. සාහිත්‍ය ග්‍රන්ථ පරිවර්තනය කරනවා නම් කවර ග්‍රන්ථ ද කොපමණ තියෙනව ද මුල්‍යමය වශයෙන් කොපමණ යනවද ආදී වශයෙන් තොරතුරු මට ඉක්මණින් ලබාදෙන්න. මුද්‍රණ සංස්ථාව අපේ යටතේ තියෙන නිසා මුද්‍රණ පිරිවැය පමණක් දරලා අපට ඒක කරගන්න හැකිවේවි. තවත් මෙවැනි ‍කළ යුතු දේ කියන්න. ඉක්මණින් අපට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්.”

    රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් සිදුකරන ආයෝජනයක් ලෙස සලකා, වැයවන වියදම ගැන නොසිතා කළ යුතු වෙනස්කම් අධ්‍යාපන පද්ධතිය තුළ සිදුකරන්නට නොපැකිළී ඉදිරිපත්වන බව පැවසූ අධ්‍යාපන ඇමතිවරයා පොතපතට දරුවන් වැඩි වැඩියෙන් ඇබ්බැහි කරමින් කියවීමට දිරිගැන්වීම වෙනුවෙන් කළන මිතුරු-පොත් සුමිතුරු නමින් කියවීම් ප්‍රවර්ධන වැඩසටහනක් පාසල් දරුවන් වෙත හඳුන්වා දුන් බව ද, මේ වෙනුවෙන් රුපියල් මිලියන 700ක් ‍පාසල් පුස්තකාල පොත් මිළ දී ගැනීම සඳහා ලබාදුන් බව ද, වැඩියෙන් ම පොත් කියවන දරුවන් 1000ක් මේ වසරේ දී ඒ අනුව ඇගයීමට ලක් කරන බවද, ඒ අතරින් විශිෂ්ටයින් 100ක් තෝරාගෙන ඔවුන්ට චීන අධ්‍යයන සංචාරයකට අවස්ථාව සලසා දීමට කටයුතු යොදා ඇති බව ද සඳහන් කළේය.

    මෙම අවස්ථාවට ජාතික පුස්තකාල ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති දීපාල් චන්ද්‍රරත්න මහතා සම්මානිත මහාචාර්ය රෝහිණී පරණවිතාන, සම්මානිත මහාචාර්ය කේ. එන්. ඕ ධර්මදාස, සම්මානිත මහාචාර්ය ජේ. බී දිසානායක, විශාරද ජගත් වික්‍රමසිංහ මහතා ඇතුළු විද්වතුන් රැසක් ද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya