අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධිකරණ ඇමති සහ ශ්‍රී ලංකාවේ මාලදිවයින් තානාපති අතර හමුවක්

    ජූලි 31, 2019

    අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය සහ ශ්‍රී ලංකාවේ මාල දිවයින් තානාපති ඕමාර් අබ්දුල් රසාක් මහතා අතර හමුවක් ඊයේ (30) පස්වරුවේ අමාත්‍යාංශයේදී පැවැත්විණි.

    මෙරට බන්ධනාගාරවල සිටින මාලදිවයින් සිරකරුවන් සම්බන්ධව මෙහිදී අදහස් හුවමාරු වු අතර ඔවුන් වෙනුවෙන් ලබා දෙන පහසුකම් හා නීතිමය සහයෝගය පිළිබඳව සාකච්ඡා විය.

    මෙහිදි අදහස් පළ කරමින් අමාත්‍යවරිය සඳහන් කළේ, මාලදිවයිනට අවශ්‍ය කරන පහසුකම් අධිකරණ අමාත්‍යාංශ හා විදේශ කටයුතු අමාත්‍යාංශ මට්ටමින් ලබාදීමට රජය සුදානම් බවයි.

    පසුගිය අප්‍රේල් 21 වන දින එල්ල වු පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තම කණගාටුව පළ කරන බවත් ප්‍රහාරයෙන් පසුව රටක් ලෙස යළිත් නැගී සිටීමට ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර සම්බන්ධව සතුටු වන බවත් තානාපතිවරයා මෙහිදී සඳහන් කළේය.

    දෙරට අතර අධිකරණ හා නීතිමය දැනුම අවබෝධය වැඩි දියුණු කිරීම පිළිබඳව ද අමාත්‍යවරිය හා තානාපතිවරයා අතර අදහස් හුවමාරු විය.
    අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ති විජේතුංග මාලදිවයින්තා නාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී Khadeeja Najjeha යන මහත්මීන්ද මෙම අවස්ථාව සඳහා සහභාගි විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya