අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාන්පිටි වැඩිමිළට අළෙවි කළ අයට එරෙහිව නීතිමය පියවර

    ජූලි 20, 2019

    නියමිත මිළට වඩා වැඩි මිළට තිරිගු පිටි අලෙවි කළ බවට බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පරණගම, පස්සර හා මඩොල්සීම යන ප්‍රදේශවල වෙළෙන්ඳන් හත් දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලය පියවර ගෙන තිබේ.

    එම කාර්යාලයේ නිළධාරීන් විසින් ඉකුත්17,18 දෙදින තුළ සිදුකළ වැටලීම්වලට අනුව රුපියල් 87.00 ක උපරිම මිළකට අලෙවි කළයුතු තිරිගු පිටි කිලෝග්‍රෑම් එකක් රුපියල් 95.00- 100.00 දක්වා වූ විවිධ මිළගණන්වලට අලෙවි කිරීම සම්බන්ධයෙන් ඌව පරණගම ප්‍රදේශයේ වෙළඳසැල් හිමින් තිදෙනෙකුට සහ පස්සර හා මඩොල්සීම ප්‍රදේශවල වෙළඳසැල් හිමියන් සිවුදෙනෙකුටද එරෙහිව මෙසේ නීතිමය පියවර ගැනීමට කටයුතු කර ඇත. 

    පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ඌව පළාත් සහකාර අධ්‍යක්ෂ කේ.ජී.දයා සමරකෝන් මහතාගේ උපදෙස් මත එම අධිකාරියේ බදුල්ල දිස්ත්‍රික් ප්‍රධානී ඒ.එම්.කේ.රත්නායක, විමර්ශන නිළධාරීන් වන ඒ.එම්.ඒ.බී.දිසානායක, ටී.එම්.ඩී.කේ.විජේසුන්දර, එම්.මුත්තුසිවනු, ආර්.එම්.එන්.එම්.ගුණරත්න යන නිළධාරීන් විසින් අදාළ වැටලීම් සිදුකර ඇත. අදාළ වැටලීම් දිස්ත්‍රික්කය පුරා දිගටම සිදුකරන බව එම කාර්යාලය පවසයි.

    දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - බදුල්ල

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya