අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ අනුරාධපුර නව කාර්යාලය විවෘත කෙරේ

    ජූලි 18, 2019

    භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයේ නව ගොඩනැගිල්ල ඊයේ (17) දින විවෘත කෙරිණ.

    මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූයේ නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතායි. සමරු පලකය විවෘත කිරීම නීතීඥ අර්.එම්. වන්නිනායක මහතාගේ සුරතින් සහ නාවික හමුදාපතිවරයාගේ සුරතින් සිදු විය.

    ගොඩනැගිල්ලේ ඉදිකිරීම් සිදුකළේ, නාවික හමුදාව විසිනි. අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කර්යාල පරිශ්‍රයේ මෙම නව ගොඩනැගිල්ල පිහිටා තිබේ. විවෘත කිරීම අවසානයේ පැවැති උත්සව සභාව ඇමතූ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ සභාපති ඩබ්ලිව් .එම් .ඒ. එස් .ඉද්දවෙල මහතා ප්‍රකාශ  කළේ, සේවකයින්ගෙන් කාර්යක්ෂම සේවාවක් ලබා ගැනීමත්, සේවා ලාභීන් සඳහා පහසුව සැලසීමත් අරමුණු කරගෙන මෙලෙස භූ විද්‍යා කාර්යාල ඉදිකෙරෙන බවයි. මෙම කාර්යංශය හා සම්බන්ධව වැඩකටයුතු කරීම සම්බන්ධයෙන් නාවික හමුදාවට දිගු ඉතිහාසයක් පවතින බව නාවික හමුදාපතිවරයා සඳහන් කළේ ය.

    අනුරාධපුර දිස්ත්‍රික් මහදිසාපති නීතීඥ අර්.එම්. වන්නිනායක මහතා සඳහන් කළේ,භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයේ වැඩකටයුතු වලදී සෑම විට නොමදව සහය ලබාදීම අඛණ්ඩව සිදුකරන බවයි.

    භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ අධ්‍යක්ෂජනරාල් ආචාර්ය සී.එච්.ඊ.ආර්. සිරිවර්ධන , අතිරේක දිස්ත්‍රික් ලේකම් කීර්ති ගමගේ යන මහතවරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya