මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාන්ගෙඩියක පාලන මිලට වඩා වැඩි මිලට ඇලෙවි කළොත් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියෙන් නීතිමය පියවර

    ජූලි 17, 2019

    හෙට සිට එනම් ජූලි 18 වනදා සිට පාන් ගෙඩියක මිල රුපියල් 05කින් ඉහල දැමීමට බලාපොරොත්තු වන බව ලංකා එක්සත් බේකරි හිමියන්ගේ සංගමයේ ලේකම් සුරන්ති ද සිල්වා මහත්මිය පැවසුවාය.

    තිරිගු පිටි කිලෝවක මිල රුපියල් අටකින් ඉහල දැමීමට සාපේක්ෂව මෙම පියවර අකමැත්තෙන් වුවද තම සංගමයට ගැනීමට සිදුවූ බව ඇය පවසයි. ඩොලරයෙහි මිල ඉහල යාම, ඊස්ට්, මාජරින් ආදී අමුද්‍රව්‍ය වල මිල වැඩි වීම හා සේවක වැටුප් වැඩිවීම් ආදිය සිදු වුවුද පසුගිය කාලයේ පාන් මිල වැඩි නොකල අතර ප්‍රධාන අමුද්‍රව්‍ය වන තිරිගු පිටි වල මිල වැඩිවීම හේතුවෙන් දැඩි අකමැත්තෙන් වුවද පාන්ගෙඩියෙහි මිල වැඩි කිරීමට සිදුව ඇති බව ද පැවසුවාය..

    මෙය ජනතාවට අසීරු සහගත තත්ත්වයක් බව තම සංගමය දන්නා බවත්, කෙසේ වෙතත් මෙම පිටි මිල වැඩිවීමට සාපේක්ෂව පවතින මිලට වඩා රුපියල් 05කට වැඩියෙන් පාන්ගෙඩියෙහි මිල කිසි ලෙසකින් වැඩි නොකරන
    බව ලේකම්තුමිය වැඩිදුරටත් පැවසුවාය. පාන් ගෙඩියේ මිල වැඩිවීමට සාපේක්ෂව කෙටි ආහාර වල මිලද ඉහල යනු ඇත.


    මෙම මිල වැඩිකිරීම ආණ්ඩුවෙන් කළ දෙයක් නොවන බවත් මෙය පිටි සමාගම් වල උවමනාවට සිදුවූවක් බවත් බේකරි හිමියන්ගේ සංගමය පවසයි. දැනටමත් බේකරි කර්මාන්තය අසීරු තත්ත්වයක පවතින බවත් මෙම මිල වැඩිකිරීමත් සමග විකුණුම් අඩුවිය හැකි බවත් සංගමයේ මතයයි.
    කෙසේ වෙතත් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ෆවුසර් මහතා පැවසුවේ, පාන් පිටි 2004 වර්ෂයේ සිට අත්‍යවශ්‍ය භාණ්ඩයක් වන අතර අත්‍යවශ්‍ය භාණ්ඩයක මිල පාරිභෝගික සේවා අධිකාරියේ ලිඛිත අනුමැතියකින් තොරව සංශෝධනය කළ නොහැකි බවයි.


    පාන්ගෙඩියක පාලන මිල වන රුපියල් 87ට වඩා වැඩි මිලකට අලෙවි කරන්නන්ට සහ අදාල සමාගම් වලට එරෙහිව හෙට සිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව වැඩිදුරටත් ඒ මහතා පැවසුවේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya