අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විජේරත්නබණ්ඩාපුර හා මහාරාවණාගම ගම්මාන ද්විත්වය ජනතා අයිතියට

    ජූලි 17, 2019

    තමන්ගේම නිවසක ජීවත් වීමට හිමිකම් ලබාදීමේ සංකල්පය පෙරදැරිව 2025 දී සැමට සෙවන ජාතික නිවාස සංවර්ධන වැඩසටහන යටතේ මාතලේ දිස්ත්‍රික්කයේ ඉදිකළ ආදර්ශ ගම්මාන දෙකක් මේ මස (ජුලි) 19 දින නිවාස, ඉදිකිරිම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ සුරතින් ජනතා අයිතියට පත්කෙරේ.

    මාතලේ විල්ගමුව කොට්ඨාසයේ නාමිණිගම ඉදි වු 2018 වන ආදර්ශ ගම්මානය වන ‘මහාරාවණාගම‘ හා මාතලේ නාඋල කොට්ඨාශයේ ඉදිකළ 219 වෙනි ආදර්ශ ගම්මානය වන ‘විජේරත්නබණ්ඩාපුර‘ යන ගම්මාන ද්විත්වය එකම දිනකදී ජනතා අයිතියට පත්කිරිමට නියමිතය. නාමිණිගම ‘මහාරාවණාගම‘ 2019.ජුලි.19 දින පෙ.ව 8.00ටද නාඋල ‘විජේරත්නබණ්ඩාපුර‘ එදින ප.ව. 1.00ටද ජනතා අයිතියට පත්කිරීමට නියමිතය.


    මාතලේ දිස්ත්‍රික් පා.ම. රෝහිණි කුමාරි විජේරත්න කවිරත්න මහත්මියගේ විශේෂ දායකත්වයෙන් මෙම ගම්මාන දෙක ඉදිකර තිබේ. සංචාරක සංවර්ධන, වනජීවි හා ක්‍රිස්තියානි කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍ය  රංජිත් අලුවිහාරේ, කෘෂිකර්ම, වාරිමාර් සහ
    ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය  වසන්ත අලුවිහාරේ, දඹුල්ල සම්බන්ධිකරණ කමිටුවේ සම සභාපති ප්‍රියාන් විජේරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවන්ට සහභාගි විමට නියමිතය.

    file photo 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya