අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දෙවන භාෂා ගුරුවරුන් 1300 ක් පුහුණු කෙරේ

    ජූලි 16, 2019

    රජයේ පාසල් වල දෙමළ මාධ්‍ය සිසුන්ට සිංහල භාෂාවත්, සිංහල මාධ්‍ය සිසුන්ට දෙමල භාෂාවත් ඉගෙනීම සඳහා දෙවන භාෂා ගුරුවරුන් 1300 ක් තම අමාත්‍යංශය යටතේ ඇති ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය මඟින් පුහුණු කර ගෙන යන බව ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු ඇමති මනෝ ගනේෂන් මහතා පවසයි.

    තම දරුවන්ට සිංහල භාෂාව ඉගැන්වීම සඳහා උතුරේ දෙමව්පියන් ද, තම දරුවන්ට දෙමළ භාෂාව ඉගැන්වීමට දකුණේ දෙමව්පියන් අතර ද විශාල උනන්දුවක් පවතින බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ (15) පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ඇමතිවරයා කීය.
    ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය මඟින් "දන්නවනම් උගන්වන්න, දන්නේ නැතිනම් ඉගෙන ගන්න" නමින් ගුවන් විදුලි වැඩ සටහනක් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සමඟ එක්ව ප්‍රචාරය කරයි.


    එම වැඩසටහන ප්‍රචාරය කළ 2018 අ.පො.ස (සා.පෙළ) විභාගයේ සිංහල හා දෙමළ භාෂා විෂයයන්ට පෙනී සිටි සිංහල මාධ්‍ය පාසල් 138 කින් දෙමළ භාෂාව විෂයට "ඒ" සමාර්ථ ලබාගත් සිසුන් 1904 ක් හා දෙමළ පාසල් 135 කින් සිංහල භාෂාව විෂයට "ඒ " සමාර්ථ ලබා ගත් සිසුන් 1285 ක් සිටින බව මනෝ ගනේෂන් මහතා පැවසී ය. එසේම, මෙම ගුවන් විදුලි වැඩසටහන් වලට සවන් දුන් ගුරුවරුන් 1800 ක් ද අ.පො.ස (සා.පෙළ) විභාගයට පෙනී සිට සිංහල හා දෙමල භාෂා සඳහා "ඒ " සමාර්ථ ලබාගෙන තිබේ.

    2015 වසරේ දී ආරම්භ කල මෙම වැඩසටහන නිසා සිසුන් තුල දෙවන භාෂාව පිලිබඳ දැනුම 25% කින් වර්ධනය වී ඇති බව ද ඇමතිවරයා කීය.

    අමාත්‍යංශයේ ලේකම් ඒ.එම් .එස්.එම්. මහානාම, අතිරේක ලේකම් චන්ද්‍රිකා රූපසිංහ, හා ඇමතිවරයාගේ පෞද්ගලික ලේකම් ප්‍රියානි ගුණරත්න යන මහත්මීහු ද මෙම සාකච්ඡාවට සහභාගී වුහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya