අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැසි තත්ත්වය ඉදිරි දිනවලත්- කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

    ජූලි 14, 2019

    දිවයිනේ පවත්නා වැසි තත්ත්වය ඉදිරි දිනවලදී ද තවදුරටත් පවතිනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව බලාපොරොත්තුවෙයි.

    සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවද එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    දිවයිනේ සෙසු ප්‍රදේශ වල තැනින් තැන සවස 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ක් පමණ තද වර්ෂාපතනයන් ඇති විය හැකි අතර ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ට වැඩි තරමක තද වර්ෂාපතනයන් අපේක්ෂා කළ හැකි බවද නිවේදනයේ සඳහන් වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya