අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඒකාබද්ධ කොන්සියුලර් ජංගම සේවාව මහනුවර දී

    ජූලි 13, 2019

    විදේශ කටයුතු අමාත්‍යංශය මගින් දිවයින පුරා ක්‍රියාත්මක කරන ඒකාබද්ධ කොන්සියුලර් ජංගම සේවය ඊයේ (12) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී පැවැත්විය.

    විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම ජංගම සේවාව සදහා විදේශ කටයුතු අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල් මොහොමඩ් ජවුවර් මහතා ද සහභාගී වූහ.

    විදේශ කටයුතු රැකියා අමාත්‍යංශය, ආගමන විගමන දෙපාර්තමේන්තුව, විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ රෙජිස්ට්‍රාර් ජනරාල් දොපාර්තමේන්තුව ඒකාබද්ධව මෙම කොන්සියුලර් ජංගම සේවාව පැවැත්වීය.

    මෙම ජංගම සේවාවේදී විදේශගතව පිළිසරණක් නොමැතිව සිටින ලාංකිකයන් ගෙන්වා ගැනීම, රදවාගෙන සිටින ලාංකිකයන් පිළබද තොරතුරු ලබාදීම, සහ ඔවුන්ගේ වන්දි ගැටළු යනාදිය නිරාකරණය කිරීමට කටයුතු යොදා තිබුනි. මීට අමතරව විදේශවල සිදුවූ උප්පැන්න සහ මරණ සහතික ලබාදීම, විදේශ රටවලින් පොලිස් නිෂ්කාශන සහතික ලබා ගැනීමට සහාය වීම සහ විදේශ රටවල ශ්‍රී ලංකා දූත මණ්ඩල සිදු කරන සේවා පිළිබද තොරතුරු ලබාදීමටද කටයුතු යොදා තිබුනි.

    මෙම ජංගම සේවය මීට පෙර ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පවත්වා ඇති අතර, මීළග කන්සියුලර් ජංගම සේවය මාතලේ දිස්ත්‍රික්කයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

    DMU/Kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya