අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කලමැටිය ධීවරයන්ට සධාරණීය විසදුමක් ලබා දීමට නිළධාරීන්ට උපදෙස්

    ජූලි 12, 2019

    කලමැටිය ධීවර වරායේ පසුගිය 25 වන දා ධීවර බොට්ටු 27ක් ගිනිගෙන විනාශයට ලක්වූ අතර එහි ධීවරයන් ඊයේ (11) ධීවර අමාත්‍ය පී.හැරිසන් මහතා අමාත්‍යාංශයේදී හමුවිය.

    එම ධිවරයන් අමාත්‍යවරයාට තම ගැටලු ඉදිරි පත් කළේය. ඒ අනුව බෝට්ටු රක්ශණය සිදුකළ සමාගම් සමග අමාත්‍යවරයා සාකච්ඡාවක නිරත විය. අමාත්‍යවරයා සමාගම්වෙත සාධාරණීය ඉල්ලීමක්ද සිදුකළේ ය. සමාගම් පෙන්වාදුන්නේ රක්ශණ කාල සීමාවට පසු මෙම ගිනි ගැනීම සිදුව ඇති බවත් මේ වෙනුවෙන් තම පාලනාධිකාරිය සමඟ සාකච්ඡාකොට වන්දියක් ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.

    කෙසේ වෙතත් ධීවර අමාත්‍ය පී.හැරිසන් මහතා කලමැටිය ධීවර වරාය විවෘතයට පෙර මෙම ධීවරයන්ගේ ගැටලුව කඩිනමින් විසදන ලෙස නිලධාරීන්ට උපදෙස් දෙන ලදී. සානුකම්පිතව සිතාබලා හානිපුර්ණය කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් බොට්ටුවලට අමතරව දැල් ආම්පන්න ලබා දෙන ලෙසත් මෙහිදී උපදෙස් ලබාදෙන ලදී.

    කලමැටිය සිදුවූ මෙම අනතුරත් සමඟ ඉදිරියේදී ලංකාව වටා පිහිටි නැංගුරම් පොලවල් 960 සදහා රාත්‍රී විදුලි ආලෝකය ලබාදීමටත් තොටුපල සමිති සක්ක්‍රීයකොට ආරක්ෂාව සදහා වැඩපිලිවෙලක් දියත් කරන ලෙස අමාත්‍යවරයා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට උපදෙස් ලබාදෙන ලදී.

    මේ අතර පසුගිය දා අමබලන්තොට ප්‍රදේශයෙන් දියඹට ගොස් මාලදිවයින් අත්තඩංගුවේ පවතින බහුදින ධීවර යාත්‍රා හිමිකරුවන්ගේ ඥාතීන් අමාත්‍යවරයා මුනගැසිණ.
    ගැබුරු මුහුදේ ධීවර කටයුතුහි නිරත වීමට මෙම ධීවරයන්ට බලපත්‍ර නොමැති බවත් මෙහිදී අනාවරණය වු අතර ඔවුන්ව ගෙන්වා ගැනීම සදහා උප්පැන්න සහතික හා හැදුනුම්පත් මාලදිවයින වෙත කඩිනමින්ම යොමු කරන ලෙස අමාත්‍යවරයා නිළධාරීන්ට උපදෙස් දෙන ලදී.

    මෙම අවස්ථාවට රජ්‍ය අමාත්‍ය දිලීප් වෙදආරච්චි මහතා අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.එස්.රුවන් චන්ද්‍ර මහතා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රසන්න ගිනිගේ මහතා ඇතුලු නිළධාරීන් එක්ව සිටයහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya