අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පත් කරගත හැක්කේ ජාතික,ආගමික හා දේශපාලනික සමඟිය ඇති කරගැනීමෙන් පමණයි-කතානායක

    ජූලි 11, 2019

    ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පත් කර ගත හැක්කේ ජාතික, ආගමික හා දේශපාලනික සමඟිය ඇති කර ගැනීමෙන් පමණක් බව කතානායක කරූ ජයසූරිය මහතා පවසයි.

     

    නිදහස ලබා ගත් අනෙක් රටවල් ලබා ගත් සංවර්ධනය හා දියුණුව සමඟ සසඳන කල ගත වූ 71 වසර තුළදී බලාපොරොත්තු වූ සමෘද්ධිය හා වර්ධනය ළඟා කර ගැනීමට ශ්‍රී ලංකාව අපොහොසත් වූයේ ජනතාවගේ සමඟියක් නොතිබූ නිසා බවත් එම සමඟිය ඇති කර ගතහොත් සංවර්ධිත රටක් බවට අපේ රට පත් කර ගත හැකි බවත් කතානායකවරයා පැවසීය.

     කතානායකවරයා මේ බව පැවසුවේ, දේශයේ ඒකීයත්වය සහ ස්වෛරීත්වය වෙනුවෙන් රුදුරු ත්‍රස්තවාදී ප්‍රහාරය හමුවේ තම සෙබල සොයුරන් වෙනුවෙන් දිවි පිදූ අභීත රණවිරු කෝප්‍රල් හසළක ගාමිණී කුලරත්න රණවිරුවාගේ 28 වෙනි ගුණ සමරුව වෙනුවෙන් අද(11) උදෑසන කොළඹ පැවති උත්සවයකට එක් වෙමිණි.

    පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සිදු වී ඉතා සුළු කාලයක් තුළදී ත්‍රිවිධ හමුදාව එය පාලනය කල බවත් ඇතැම් සුළු පිරිසක් විසින් සිදු කල මනුෂ්‍යත්වයට එහා ගිය ගෙවල් ගිනි තැබීම්, පහරදීම් වැනි ලැජ්ජාසහගත ක්‍රියා නිසා රටේ කීර්ති නාමයට හානි සිදූ වූ බවත් සඳහන් කල කතානායකතුමා අවුරුදු 23ක් වූ හසළක තරුණයා රටේ ස්වෛරීත්වය වෙනුවෙන් සිදු කල ජීවිත පූජාව සහ පරිත්‍යාගය අගය කරන බවද පැවසීය.

    මෙහිදී අදහස් දැක් වූ වැඩබලන ආරක්ෂක අමාත්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පැවසුවේ, කෝප්‍රල් හසළක ගාමිණී කුලරත්න ජාතික වීරයෙකු බවත් ඔහු ත්‍රිවිධ හමුදාවේ සංකේතයක් බවත්ය. පසුගිය පාස්කු ඉරිදා සිදු වූ සිදුවීම සිහි කළ අමාත්‍යවරයා පැවසුවේ, මේ මොහොතේත් විවිධ බොරු ප්‍රචාර සිදු කරමින් ඇතැම් පිරිස් ජනතාව නොමඟ යවමින් සිටින බවය. ආරක්ෂක සහ බුද්ධි අංශ මෙම සිදුවීම් පාලනය කරගෙන යන බවත් රටේ අස්ථාවර තත්වයක් ඇති කිරීමට අතැමුන් සිදු කරන මෙවැනි ප්‍රකාශයන්ට හසු නොවන ලෙසත් අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

     ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ පණිවිඩ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනාධිපති ලබා දුන් තිළිණයක් හසළක ගාමිණී රණවිරුවාගේ මවට පිළිගන්වන ලදී. කතානායකවරයා ඇතුළු අමුත්තන් රැසක් ඔහුගේ මවට සහ පවුලේ සුභ සාධනය වෙනුවෙන් තිළිණ රැසක් පිළිගන්වන ලදී.

    මෙම සැමරුම් උළෙලට සංචාරක සංවර්ධන, වනජිවී හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජේමුණි සොයිසා, ආරක්ෂක ලේකම් ශාන්ත කෝට්ටේගොඩ සහ කෝප්‍රල් හසළක ගාමිණී කුලරත්න රණවිරුවාගේ මව ඇතුළු පවුලේ සාමාජික සාමාජිකාවන් රැසක්ද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya