අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රට ගොඩගැනීමට නම් ජාතික සමඟිය ආරක්ෂා කර ඉදිරියට යා යුතුයි-හිතාමතා ෂේප් න්‍යායෙන් මේ විශ්වාසභංගය ගෙනැල්ලා තියෙන්නේ-සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇලල

    ජූලි 10, 2019

    ''අග්‍රාමාත්‍යවරයාට චෝදනා කරන්න එපා. රට ගොඩගැනීමට නම් ජාතික සමඟිය ආරක්ෂා කර ඉදිරියට යා යුතුයි. විශ්වාසභංග යෝජනාව හිතාමතා කටයුතු කරන්නෙ අග්‍රාමාත්‍යතුමා හා කැබිනට් මණ්ඩලය අමාරුවේ දන්න.හිතාමතා කටයුතු කරන්නෙ අග්‍රාමාත්‍යතුම හා කැබිනට් මණ්ඩලය අමාරුවේ දන්න.හිතාමතා ෂේප්  න්‍යායෙන් මේ විශ්වාසභංගය ගෙනැල්ලා තියෙන්නේ ''යැයි සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇලල මහතා අද (10) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ගෙනා විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයේ දී අඳහස් දක්වමින්  සභානායකවරයා මේ බව කීය

    අයි එස් ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වූ බව කවුරුත් කිව්වේ නෑ. බලාපොරොත්තු නොවූ ප්‍රහාරයක්. අන්තවාදී  සංවිධාන තිබුණා. ප්‍රහාරයක් ගැන තොරතුරු ලැබුණේ නෑ. ඒකයි ඇත්ත. ඊයේ නඩු තීන්දුවේ අනුර දිසනායක  මහතා යොමු කළ ප්‍රශ්නවලට උත්තරය තිබෙනවා.

    විශ්වාසභංග යෝජනාව බැලුවම ඔක්කොම අග්‍රාමාත්‍යතුමාට කැබිනට් මණ්ඩලයට තියෙන්නේ. ඇයි  අගමැතිවරයා පමණක් සඳහන් කරන්නේ. හිතාමතා කටයුතු කරන්නෙ අග්‍රාමාත්‍යතුම හා කැබිනට් මණ්ඩලය  අමාරුවේ දන්න.හිතාමතා ෂේප් න්‍යායෙන් මේ විශ්වාසභංගය ගෙනැල්ලා තියෙන්නේ.ආරක්ෂක ලේකම්වරයාට  බලයක් නෑ හමුදා ප්‍රධානින් කැඳවන්න. මේ නඩු තීන්දුවේ තියෙනවා.එක්සත් ජාතික  පක්ෂයටත්,අග්‍රාමාත්‍යවරයාටත් මඩ ගහන්න ගත් උත්සහනයක්.

    ඇයි අපි තේරීම්කාරක සභාව පත් කළේ,මේ ප්‍රශ්න අහනවා,අපිත් අහන්නේ ඒ ප්‍රශ්නයඉ. අපිටත් දැනගන්න ඕන  කොහෙද වැරදුනේ කියලා දැනගන්න. රටේ ජනතාවට අයිතියක් තිබෙනවා තිරය පිටුපස මොකද වුණේ කියලා  දැනගන්න. ආරක්ෂක කවුන්සිලයට අග්‍රාමාත්‍යවරයාට එන්න කියන්නේ නෑ. මේ සිද්ධිය සිදු වී හමාරයි. රජය පැය  24 ඇතුළත ත්‍රස්තවාදී දැල කඩන්න කටයුතු කළා. වන්දි ගෙවීම සියයට 99%ක් වන්දි මුදල් ලබාදී තිබෙනවා.  දැන්වත් කියනවා ජාතිවාදය වපුරන එක නවත්වන්න. ද්‍රවිඩ මුස්ලිම් සිංහල අයගේ නෑදෑයෝ.ඉතිහාසය දන්නේ  නෑ.71 දී එකවර මෙහෙම පහර දෙයි කියලා බලාපොරොත්තු වුණාද? ඉස්ලාම් ත්‍රස්තවාදයක් ගැන කවුරුත් කතා  කළේ නෑ. ජාතික සමඟිය ආරක්ෂා කර ඉදිරියට යා යුතුයි රට ගොඩගැනීමට නම්. අග්‍රාමාත්‍යවරයාට චෝදනා  කරන්න එපා.පාර්ලිමේන්තුවක් හැටියට වෙච්ච පාඩම්වලින් කරුණු අරගෙන එක්සත් ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට ඇප කැපවෙමු යැයි ද සභානායකවරයා පැවසීය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya