මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටට සෙත්පතා 22 දා සිට රටපුරා පිරිත් පිංකම්

    ජූනි 20, 2019

    සෑම ප්‍රදේශීය ලේකම් කෝට්ඨාසයක්ම ආවරණය වන පරිදී ජුනි 22 දා සිට පිරිත් සජ්ජායනයක් පැවැත් වීමට කටයුතු යොද‍ා ඇති බව බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.

    ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදි විහාරස්ථාන 600 ක සවස 6.00 සිට පිරිත් සජ්ජායනාවන් සිදුකිරීමට සුදානම් බවත්, පවතින දුර්භික්ෂ තත්වය මැඩලිමටත්, රටට ශාන්තිය පතා මෙම වඩසටහන ක්‍රියාත්මක කරන බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (20) පැවැති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා කීය.

    මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා සදහන් කළේ,  එදිනම, රුවන්වැලිසෑය , ජය ශ්‍රී මහා බෝධිය අසල අටමස්ථාන නායක හාමුදුරුවන්ගේ මගපෙන්වීමේන් භික්ෂූන් වහන්සේලා 500 නමක් වැඩමවා සවස 6.00 සිට පැය 03 ක් පිරිත් සජ්ජායනාවක් සිදුකිරීමට සුදානම් බවයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya