ඔක්තෝබර් 19, 2019
tami eng youtube  twitter facebook

    දිවියන්ගෙන් ගම්මානවලට සිදුවන තර්ජන නැවැත්වීමට විධිමත් පාලනයක් - අමාත්‍ය ජෝන් අමරතුංග

    ජූනි 20, 2019

    දිවියන්ගෙන් ගම්මානවලට තර්ජන එල්ල වීම නැවැත්වීමට විධිමත් පාලනයක් ඇති කිරීමට කටයුතු කරන බව සංචාරක සංවර්ධන,වනජීවි සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා අද (20) පාර්ලිමේන්තුවේ දී කීවේය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා විසින් ඌව පරණගම මැතිවරණ කොට්ඨාශයේ ගම්මාන රාශියක් දිවියන්ගේ තජනයට ලක්ව ඇති බව වාචික ප්‍රශ්නයක් මතු කරමින් විමසූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.

    මෙහිදී අතුරු ප්‍රශ්නයක් මතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී විජේරත්න මහත්මිය වනාලි ප්‍රශ්නය සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු දුන් අමාත්‍යවරය සඳහන් කළේ, ශක්තිමත් අලි වැට ඉදිකිරීම සඳහ ටෙන්ඩරයක් කැඳවා තිබෙන බවත් ඉදිරියේ දී අවශ්‍ය ස්ථානවල ශක්තිමත් අලි වැට ඉදි කරන බවද පැවසීය.

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya