අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොළොන්නරුව ඓතිහාසික පොසොන් මහා පෙරහැර ජනපති ප්‍රධානත්වයෙන්

    ජූනි 19, 2019

    පොළොන්නරුව ඓතිහාසික පොසොන් මහා පෙරහැර (17) පස්වරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික වටදාගෙය අසලින් ආරම්භ කෙරිණි.

    චිරාගත සම්ප්‍රදායානුකූල ව ජනාධිපතිතුමා මංගල හස්ති රාජයා මත කරඬුව තැන්පත් කිරීමෙන් අනතුරුව පෙරහැර ආරම්භ විය.

    පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති පූජ්‍ය පණ්ඩිත වෙඬරුවේ උපාලි නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේලාගේ අනුශාසකත්වයෙන් හා දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන, පුලතිසි ගොවි ජනතාව, ස්වේච්ඡා සංවිධාන හා ව්‍යාපාරික ප්‍රජාවගේ පූර්ණ දායකත්වයෙන් වාර්ෂිකව පෙරහැර සංවිධානය කෙරේ.

    ප්‍රදේශයේ මහා සංඝරත්නය ද, පොළොන්නරුව නගරාධිපති චානක සිදත් රණසිංහ, දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක අබේවර්ධන යන මහත්වරුන් සහ සැදැහැවතුන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටිය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya