අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය පොසොන් උත්සවය නිමිත්තෙන් සියලුම සුරාසැල් මස්මාංශ අලෙවිසල් සතුන් මරණ ස්ථාන රේස්බුකි කැසිනෝ ශාලා හා සමාජ ශාලා වසා තැබේ

    ජූනි 15, 2019

    නිවේදනය-2019 රාජ්‍ය පොසොන් උත්සවය නිමිත්තෙන් දිවයිනේ සියලුම සුරාසැල් මස්මාංශ අලෙවිසල් සතුන් මරණ ස්ථාන රේස්බුකි කැසිනෝ ශාලා හා සමාජ ශාලා වසා තැබේ

    2019 ජුනි මස 16 වෙනි දිනට යෙදී ඇති පොසොන් උත්සවය නිමිත්තෙන් ජුනි මස 12 සිට 18 වන දින දක්වා වූ කාල සීමාව පොසොන් සතිය ලෙස රජය ප්‍රකාශයට පත් කර ඇත.

    මේ අනුව ජුනි මස 15 සහ 16 යන දෙදින දිවයිනේ පිහිටි සියලුම සුරාසල් වසා තැබීමටත්, සුපිරි වෙළඳසල්වල මත්පැන් අලෙවිය නැවැත්වීමටත්, සතුන් මරණ ස්ථාන, රේස් බුකි, කැසිනෝ ශාලා හා සමාජ ශාලා වසා තැබීමටත්, මස් මාංශ අලෙවිසල් වසා තැබීමටත්, සුපිරි වෙළඳසල්වල මස් මාංශ අලෙවි කිරීම නැවැත්වීමටත් කටයුතු කරන ලෙස ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ චක්‍රලේඛ 18/2019 හි අංක 05 වගන්තිය මගින් ප්‍රකාශයට පත් කර ඇත.

    මේ පිළිබඳව සියලුම පළාත් ප්‍රධාන ලේකම්වරු සහ දිස්ත්‍රික් ලේකම්වරු වෙත චක්‍රලේඛයක් මගින් දන්වා යවා ඇති බව අභ්‍යන්තර,ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එච්.එම්.ගාමිණි සෙනෙවිරත්න මහතා පවසයි.

     

    යූ.පී.එල්.ඩී.පතිරණ
    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් (වැ.බ.)

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya